මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම අන්තර්ජාලයෙන් | දිනමිණ

මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම අන්තර්ජාලයෙන්

මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලය ඔස්සේ වෙන් කර ගැනිමේ පහසුකම දේශීය සහ  විදේශීය සංචාරකයින්ට ලැබේ.

මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සංචාරක බංගලා වෙන්කර ගැනීමත් ඒ සදහා මුදල් ගෙවීම් සිදු කිරිමත් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට හැකිවේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම ඉ-සේවාව හදුන්වා දි තිබේ.

මෙම සේවාව හදුන්වාදීමට  පෙර මෙම බංගලා වෙන් කර ගැනීම සදහා කාර්යාල දින වලදී කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ කලාප කාර්යාල වෙත පැමිණීමට සංචාරකයින්ට සිදුවිය.ගාස්තු ගෙවීම සිදු කිරීම මුදල් වලට පමණක් සීමාවිය.

එහෙත් මෙම නව  ඉ-සේවාව හදුන්වාදීමත් සමගම  www.mahaweli.gov.lk සහ  www.gov.lk යන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී බංගලා වෙන් කර ගැනීමත් ණයවර පත් (Credit Card) භාවිතයෙන්එම මුල්‍ය ගෙවීම් සිදු කිරීමටත් හැකිවේ.

විශේෂයෙන්ම විදේශීය සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වුවද  මෙම සංචාරක බංගලා වෙන් කර ගැනීමේ පහසුකම මේ නිසා උදා වන අතර එය ඔවුන්ගේ සංචාරයන් සැළසුම් කර ගැනිමට පහසුවක් ද වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මේ වන විට ඉ-සේවාවන් 30 කට අධික සංඛ්‍යාවක් ජනතාවගේ පහසුව සදහා ක්‍රියාත්මක කර ඇත.

මෙම නව ඉ-සේවාව නිල වශයෙන් හදුන්වාදිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් නොබෝදා  මහවැලි බී කලාපයේ නවීකරණය කරන ලද රුහුණු කෙත සංචාරක නිවාස පරිශ්‍රයේදී සිදුවිය.

 

 

නව අදහස දක්වන්න