යටියන්තොට හොර මත්පැන් තිප්පොළ දෙකක් | දිනමිණ

යටියන්තොට හොර මත්පැන් තිප්පොළ දෙකක්

යටියන්තොට ප්‍රදේශයේ අනවසර මත්පැන් අලවි කරන්නන්ට බෙදාහැරීම පිණිස රහසිගතව මත්පැන් පෙරන මහාපරිමාන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වටලා පෙරීමට යොදාගන්නා ගෝඩා මිලිලීටර් පහළොස් ලක්ෂ අසූ අට දාස් පන්සියයක් (1588500) අත් අඩංගුවට ගත් බව යටියන්තොට පොලීසිය සදහන් කරයි.

යටියන්තොට හල්ගොල්ල වත්තේ කැලෑ බද පෙදෙසක කරන ලද සෝදිසියකදී එක් පෙරුම් ස්ථානයක් වැටලීමට හැකිවූ අතර මෙහිදී ගෝඩා බැරල් 03 ක ගෝඩා මිලිලීටර් 525000 ක් සැකකරුවෙක් මත්පැන් පෙරීමට යොදාගන්නා තඹ දගරයක් ඇතුළු උපකරන රැසක් අත්අඩංගුවට ගෙන ඇත. ආගමික ස්ථානයකට යාබදව දිය ඇල්ලක් ආසන්නයේ ගල් කටාරමක සූක්සම ලෙස මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ. අත් අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 15 දින රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යටියන්තොට පේරගස් හන්දියේ පුවක්කොටේ ඇළ අසලද රහසිගතව මහා පරිමානව පවත්වාගෙන ආ තවත් නීති විරෝදී මත් පැන් නිෂ්පාදනාගාරයක්ද වැටලූ අතර එහිදි බැරල් 06 ක ගෝඩා මිලිලීටර් 1063500 ක් සමග සැකකරුවෙක් තඹ දගරයක් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගන්නා ලද අතර මෙම ස්ථානවල සකස් කරන මත්පැන් ප්‍රදේශයේ බෙදාහැරීමට සූදානම් කරමින් තිබූ බවට මූලික පරීක්ෂණ වලදී හෙළිවූ බවද පොලීසිය පවසයි.

යටියන්තොට පොලිසියේ ස්ථානාධිපති පො.ප. එච්.ජී.එස්.පී.කේ. චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සේනාරත්න උ.පො.ප. රංජිත් උ.පො.ප. මංජුල පො.සැ. 64536 චන්ද්‍රසේන පො.සැ. 2853 ගුණසේන පො.සැ. 52474 අරුණ ශාන්ත පො.කො. 48702 ජීවානන්ද පො.කො. 85011 බුද්ධික යන නිලධාරින් මෙහෙයුමට එක්විය.

යටියන්තොට විශේෂ
සමන් එස්. රත්නායක

නව අදහස දක්වන්න