පිංදෙණිය දේවස්ථානයේ මංගල්‍යයට සර්ව ආගමික නායකයෝත් | දිනමිණ

පිංදෙණිය දේවස්ථානයේ මංගල්‍යයට සර්ව ආගමික නායකයෝත්

යම් දෙයක් ගැන නොදැන සිටිම සැක-සංකා ඇතිකරවන්නක්. රටක ජිවත්වන ජනතාවට ඔවුන් අවට සිටින විවිධ ජාතික, ආගමිකයින් පිළිබදවත් ඔවුන්ගේ සංස්කෘතීන් පිළිබදවත් අන්නෝන්‍ය දැනීමක් අවබෝධයක් ඇතිකරගත යුතුයි. එසේ දැනීමක් ඇත්නම් එකිනෙකාට ඊට ගරු කිරිමට ඔවුන් හැඩගැසෙනවා. රටක ජාතික ආගමික සමගියක් සමාදානයක් ඇති වන්නේ එවිටයි . වත්මන් බාලපරපුරට එම දැනුම අවබෝධය ලබාදීම වැඩිහිටියන්ගේ වගකීමක් .එය අද යුගයේ අවශ්‍යතාවක්. අවිස්සාවේල්ල පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ විශ්‍රාමික විදුහල්පති ගලිගමුව උඩුගම විහාරාධිපති අටාලේ පියදස්සි හිමියෝ පැවසුහ.

උන් වහන්සේ මෙසේ පැවසුවේ පිංදෙණිය කිතුණු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍ය අවස්ථාවට එක්වෙමිනි.

පිංදෙණිය කිතුණු දේවස්ථානයේ 78 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවති මෙම උත්සවය ආරම්භයට පෙර පැවති මෙම සර්ව ආගමික හමුව අමතමින් තවදුරටත් අදහස් දැක්වු අටාලේ පියදස්සි හිමියෝ මෙසේද පැවසුහ.

පිංදෙණිය කිතුණු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයට පෙර අවට අන්‍ය ආගමික නායකයන්ට මෙසේ ආරාධනය කර කැදවා සමගිය උදෙසා යම් වැඩසටහනක් ආරම්භ කිරිම මම බොහෝසේ අගය කරනවා. පිදෙණිය පොලිස් ස්ථානාධිපති තුමා බල ප්‍රදේශයේ සර්ව ආගමික සංවිධානයක් ගොඩනැගිමට පෙරමුණ ගත්තා. සමාජයේ සමගිය සමාධානය පවත්වා ‍ගෙන යාම පිණිස මෙවැනි වැඩ සටහන් අවශ්‍ය වෙනවා . මෙම දේවස්ථානය භාර මොරායස් පියතුමා ගත් මෙම උත්සාහය අගය කරනවා යැයිද පැවසුහ.

රත්නපුර පදවිය කරිටාස් සෙත්මිණි ආයතනයේ අධ්‍යක්ෂ බී.ඒ.ශ්‍රියාන් පියතුමා - දේවස්ථානයක මංගල්‍යයක් සමරමින් පිහිට පතන්නේ කතෝලිකයන්ට පමණක් නෙමෙයි. කිසිම ආගමික සිදධස්ථානයක ඒ ආගමිකයින්ට පමණයි කියා පැවසූහ. කෑගල්ල ශාන්ත මේරී දේවස්ථානයේ හා පිංදෙණිය ශුද්ධවු පවුලේ දේවස්ථානයේ භාර රංජිත්මාල් මොරායස් පියතුමා මෙහිදි පිළිගැනීමේ කථාව පැවැත්වු අතර පිංදෙණිය පොලිසියේ සර්ව ආගමික නායකයන්ගේ සංවිධානයේ ගරු සභාපති බෝයගොඩ විහාරාධිපති පොරමඩලේ අමරසීහ හිමියෝද පිංදෙණිය පොලිසියේ ස්ථානාධිපති පො.ප. ලසන්ත කළු ආරච්චි මහතාද මෙහිදි අදහස් දැක්වුහ.

සබරගමුව සමූහ

නව අදහස දක්වන්න