ආගරපතන රිලා රංචුවෙන් පාසල් ළමයින්ට හිරිහැර | දිනමිණ

ආගරපතන රිලා රංචුවෙන් පාසල් ළමයින්ට හිරිහැර

නුවරඑළිය සමූහ සී. මහගම

ආගරපතන, ඩයගම නගරාසන්නයේ සැරිසරන රිලව් රංචු නිසා පාසල් ළමුන් විශාල ලෙස කරදරයන්ට පීඩාවන්ට පත්වන නිසා ළමුන්ගේ ආරක්ෂාවට ඩයගම පාලම අසලට පොලිසිය යෙදවීමට සිදුව ඇතැයි ඩයගම පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පී. ඩී. ටී. ඩබ්ලිව්. පුංචිහේවා මහතා පවසයි.

ඒ මහතා මේ පිළිබඳ ප්‍රකාශ කළේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජී. එච්. එම්. පියසිරි, ඒ. පී. ශක්තිවේල් යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් කරුණු හෙළිකළ පොලිස් පරීක්ෂකවරයා මෙසේ ද කීහ.

“පොඩි ළමයි ඉස්කෝලේ යනකොට එක පාරටම පැනල පිටේ එල්ලගෙන තියෙන බැග්එක උදුරගෙන දුවනවා. ඒකේ තියෙන කෑම පෙට්ටිය අරගෙන බෑග් එක දාල යනවා. සමහර වේලාවට ළමයි හපා කන තත්ත්වයටත් හැරිලා තියෙනවා. ඩයගම පාලම අසල උණපඳුරු සහිත ප්‍රදේශයේ තමයි වැඩිපුරම මේ දේ වෙන්නේ. මේ හින්දු පාසල් වෙලාවට පොලිස් නිලධාරින් යොදවලා ළමයි එහා මෙහා ගන්න වෙලා තියෙනවා.” 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...