නිදන් හාරමින් සිටි පුද්ගලයෝ 6ක් අත්අඩංගුවට | දිනමිණ

නිදන් හාරමින් සිටි පුද්ගලයෝ 6ක් අත්අඩංගුවට

අනුරාධපුර මධ්‍යම සමූහ

හොරොව්පතාන පොලිස් වසමේ තලපත්කුලම ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් හය දෙනෙක් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි සැකකරුවන් සමඟ නිදන් හැරිමට භාවිතා කළ නවින පන්නයේ උපකරණ රැසක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට සැකකරුවන් මහරගම ,කඩවත, ගනේමුල්ල හා හොරොව්පතාන යන ප්‍රදේශවල පදිංචි කරුවන්ය. මොවුන් අතර යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර් වරයෙක් සිටින බවත් තවත් යුද හමුදා කොප්රලවරයෙක් පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. පලාගිය පුද්ගලයා ඔහුගේ නිල රාජකාරි හැදුනුම්පත හා වෙනත් ලිපි ගොනු නිදහන් හැරූ ස්ථානයේ දමා ගොස් තිබියදී පොලිසියට හමුවී තිබේ. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ හොරොව්පතාන පොලිසිය විසින් සිදුකරන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

නව අදහස දක්වන්න