තිසා වැව් රක්ෂිතයේ ගස් ගිනි තබා දරවලට ගෙනිහින් | දිනමිණ

තිසා වැව් රක්ෂිතයේ ගස් ගිනි තබා දරවලට ගෙනිහින්

අමිල ප්‍රභාත් වනසිංහ

අනුරාධපුර තිසාවැවට යාබද නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය ඉදිරිපිට වු පුරාවිද්‍යා රක්ෂිතයේ ඉපැරණි ගස්වලට ගිනිතබා ඒවා බිම ඇද වැටුණු පසු දර සදහා කපාගෙන යෑමේ ජාවාරමක් සිදු වන බවට තොරතුරු වාර්තා වේ.

ඉතා සංවිධානාත්මකව මේ කටයුත්ත සිදු කෙරේ. සමහර ගස් වල මුල සම්පුර්ණයෙන්ම දැවී ගොස් ඇති අතර එහි අනෙක් කොටස් කිසිවක් එම ස්ථානයේ දැක ගැනීමට නොමැත.

පුරාවිද්‍යා භූමියක අනවසර ක්‍රියාකාරකම්වල නිරතවීම තහනම් කටයුත්තක් වුවද මෙම දැව විනාශය පිළිබදව මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

මේ ගිනි තැබීම් හේතුවෙන් වටිනා රූස්ස ගස් වර්ග විනාශවීම මෙන්ම පුරාවිද්‍යා භූමියේ ඇති සුන්දරත්වයට ද එම ක්‍රියාව හානිදායක බව ජනතා මතයයි. එසේම නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලය හා රජයේ ආයතන රැසක නේවාසික ආයතන ඉදිරිපස මෙවැනි කටයුත්තක් සිදු වීම විමතිය දනවන්නක් වන අතර වගකිවයුත්තන් මේ පිළිබදව සොයා බලා නිසි පියවර ගැනීම කාලෝචිත කටයුත්තක්ව පවතී.

නව අදහස දක්වන්න