අනුරපුර පූජා නගරය ඉසුරුමුණිය අවට ඩෙංගු අවදානමක් | දිනමිණ

අනුරපුර පූජා නගරය ඉසුරුමුණිය අවට ඩෙංගු අවදානමක්

අමිල ප්‍රභාත් වනසිංහ

ප්ලාස්ටික් ජල බෝතල් හා පොලිතින් කවර කලක සිට මාර්ගය අසල දමා යාමට පුරුදුව සිටීම හේතුවෙන් අනුරාධපුර පුජා නගරයේ ඉසුරුමුණිය වටරවුම අසල මාවත් දැඩි ලෙස අපවිත්‍ර වෙමින් පවතී.

අනුරාධපුර නගරයේ ඇති රියැදුරු පුහුණු පාසල් මගින් යතුරුපැදි හා අනෙකුත් රථ වාහන සදහා සිදු කෙරෙන පුහුණුවීම් මේ සීමාවේ සිදු කිරීම හේතුවෙන් මේ තක්ත්වය උද්ගතව ඇත. පරිසර අපවිත්‍රතාව පිළිබදව රියැදුරු පුහුණු පාසල්වල වගකිවයුත්තන් දැනුවත් නොකිරීම මේ තත්ත්වයට පරිසර පද්ධතිය ලක්වීමට ප්‍රධානතම හේතුව වී තිබේ.

පූජා නගරයේ මාර්ග පවිත්‍රතාවල නිරත අනුරාධපුර මහා නගර සභාවේ සේවකයන් ද මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමු කර නොමැත. දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගමන් ගන්නා  මේ මාර්ගය මෙලෙස අපවිත්‍රව පැවතීම පූජා නගරයට ද අපකීර්තියක් ගෙන දෙන කරුණක් බවට පත්ව තිබේ. අනාරක්ෂිත ලෙස දමා ගොස් ඇති ජල බෝතල් තුල මදුරු කීටයන් බෝවීමේ අවදානමක් ද මතුව තිබෙන හෙයින් මේ පිළිබදව වගකිවයුතු අංශවල දැඩි අවධානය යොමු විය යුතුව පවතී.

අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය අංශ නගරයේ පවිත්‍රතාව රැක ගැනීම කෙරෙහි දක්වන නොසැලකිලිමත්භාවය හේතුවෙන් මේ පරිසර ගැටලු උද්ගතව ඇතැයි නගරවාසීහු චෝදනා කරති.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...