රීදීවැල්ල කළපු ඉවුරේ අව් ආවරණයේ පාඩුව ගෙවන්න එකඟ වෙති | දිනමිණ

රීදීවැල්ල කළපු ඉවුරේ අව් ආවරණයේ පාඩුව ගෙවන්න එකඟ වෙති

මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු

හලාවත රීදිවැල්ල කළපු ඉවුරෙහි විමධ්‍යගත අය වැය මුදලින් ඉදි කරමින් තිබු අව් ආවරණය කඩා දැමීම නිසා වු පාඩුව ගෙවා දැමීමට එම විනාශයට එක්වු හලාවත වැල්ලේ ධීවරයන් පිරිස ඉකුත් 8දා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පැවැති සාකච්ඡාවකින් පසු එකඟ වී ඇත.

මේ අව් ආවරණය ඉදි කිරිම නිසා තම ධීවර කටයුතුවලට බාධා ඇති වන බව කියමින් අව් ආවරණය ඉවත් කරන ලෙසට වැල්ලේ ධීවරයන් ඉල්ලා සිටි අතර ඊට එකඟ නොවී අව් ආවරණය ඉදි කර තිබුණි.

මේ නිසා කුපිතවු වැල්ල ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් ඉකුත් 28දා දහවල් රීදිවැල්ල කළපු ඉවුරට පැමිණ විරෝධය පළ කරමින් අව් ආවරණය කඩා බිද දැමූ අතර එය නතර කිරීමට පැමිණි රීදි වැල්ලේ ධීවරයන්ට පහර දී තිබුණි. මෙහිදි හලාවත පොලිසිය මැදිහත්වී සිදුවීමට ගිය විශාල ගැටුමක් වළක්වා ගෙන තිබුණි.

මේ ගැටුම නිසා වැල්ල හා රීදිවැල්ල ප්‍රදේශයේ ධීවරයන් අතර ප්‍රශ්න ඇති වූ අතර මේ සිද්ධිය නිසා අව් ආවරණය ඉදි කිරීමට වැය කළ මුදල අය කර ගත යුතු වු අතර එම මුදල රුපියල් තුන් ලක්ෂ හත් දහසක් බවට තක්සේරු කර තිබුණි. මේ මුදල ගැටුමට එක්වු පිරිස විසින් රජයට ගෙවීමට එකඟ වී‍ ඇති බව හලාවත පොලිසිය කියයි .

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර, ප්‍රාදේශීය ලේකම් අනුර කුමාර දිසානයක මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් ,හලාවත නගර සභාවේ ලේකම් ජයසිරි අමරතුංග මහත්වරු සහ හලාවත හා වැල්ල මිසම්පාලනාධිපති පුජා ප්‍රසාදින් වහන්සේ ද ධීවර නියෝජිතයෝ ද මෙම සාකචඡාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...