සමස්ත ලංකා නාට්‍ය නූර්ති අංශයේ ජය ඉබ්බාගමුව මැදි විදුහලට | දිනමිණ

සමස්ත ලංකා නාට්‍ය නූර්ති අංශයේ ජය ඉබ්බාගමුව මැදි විදුහලට

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ටවර්හෝල් පදනම වාර්ෂිකව සංවිධාන කරනු ලබන සමස්තලංකා පාසල් නාට්‍ය තරඟාවලියේ නාට්‍ය අංශය සඳහා පිරිනමන සියලුම සම්මාන ද සමඟින් නූර්ති අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය ඉදිරිපත් කළ විදුර නූර්ති නාට්‍යයට හිමිවිය.

හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය, හොඳම අංග රචනය සඳහා පිරිනැමෙන සම්මාන ත්‍රිත්වයම ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ නර්තන විෂය භාර ආචාර්ය ඊ. එම්. සත්‍යජිත් බණ්ඩාර මහතාට හිමි විය. හොඳම නළුවා සම්මානය එම විද්‍යාලයේ වයි. එම්. අයි. අයි. බණ්ඩාර සිසුවාට හිමි විය. හොදම නිළිය ලෙස ඒ. ජී. එස්. ජයලත් සිසුවිය සම්මාන දිනා ගත්තාය. හොදම වේදිකා පරිපාලනය හා හොදම අංගරචනය යන සම්මාන දෙක එම්. එස්. රණතුංග සිසුවාට හිමිවිය. හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මානය ඩී. එම්. අයි. එස්. බී. දහනක සිසුවාට හිමිවිය. හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම වේදිකා පසුතල නිර්මාණය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය ආදී සම්මාන ද ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට හිමිවිය. මෙය ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායමක් වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව නාට්‍ය අධ්‍යක්ෂ සත්‍යජිත් බණ්ඩාර මහතා එහිදී සහාය දැක්වූ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය ඇතුළු සියලුදෙනාට ස්තුතිය පළ කළේය.

ඉබ්බාගමුව විශේෂ
පොල්පිතිගම සමූහ

නව අදහස දක්වන්න