තෝරපිටිය ශ්‍රී නීග්‍රෝධාරාමයට සදහම් මැදුරක් | දිනමිණ

තෝරපිටිය ශ්‍රී නීග්‍රෝධාරාමයට සදහම් මැදුරක්

උඩුදුම්බර ඡන්ද බල ප්‍රදේශයට අයත් මිනිපේ ගොවි ජනපදයේ පිහිටා තිබෙන තෝරපිටිය ග්‍රාමයේ ශ්‍රී නීග්‍රෝධාරාම විහාරයට අවුරුදු 50ක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් එහි ඉදිකරනු ලැබූ ගොඩනැගිල්ල විවෘත කිරීමත් එය සරණපාල ගුණානුස්මරණ සදහම් මැදුර යනුවෙන් නම් කිරීමත් වෙනුවෙන් ඉකුත් දිනක පැවැති උලෙළේ ප්‍රධානත්වය දැරුවේ මහනුවර අස්ගිරි මහා විහාර වංශික ශ්‍යාමෝපාලි නිකායේ මහා නායක වරකාගොඩ ඥානරතන හිමියෝයි. මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ද මිනිපේ ප්‍රදේශයේත් මිනිපේ-හසලක නගරයේත් දානපතීන් ද තෝරපිටියේ හා අවට ගම්වල ජනයා ද එම උලෙළට දායක වූවෝය. ඡායාරූප

මහවැලි කලාපීය නවරත්න බණ්ඩාර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...