යෝෂිත FCID ට ඇවිත් නෑ | දිනමිණ

යෝෂිත FCID ට ඇවිත් නෑ

විජයානි එදිරිසිංහ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ ඊයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණ ද ඔහු එහි පෙනී සිටියේ නැති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

දෙහිවල ප්‍රදේශයේ ඉතා විශාල වටිනාකමකින් යුත් ඉඩමක් සහ නිවසක් ඔහු විසින් මිලදී ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙයි. මේ සම්බන්ධයෙන් මීට පෙරද යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, තව දුරටත් සිදුවන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ ඔහු කැඳවා තිබුණි. යෝෂිත රාජපක්ෂ මහතා වෙනත් දිනයක කැඳවීමට කටයුතු කරන බව ද මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. 

නව අදහස දක්වන්න