ආණ්ඩුවෙන් යන්නේ නෑ | දිනමිණ

ආණ්ඩුවෙන් යන්නේ නෑ

ස්වර්ණා විජේකෝන්

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයෙන් තමන් ඉවත් කළ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා දිනමිණට ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කළත් ආණ්ඩුව සිදුකරන යහපත් කටයුතු වෙනුවෙන් ඉදිරියේදීත් සහාය පළ කරන අතර විවේචන සිදුකළ යුතු අවස්ථාවල දී එලෙස කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

එමෙන්ම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද තම මතය සෘජුව ප්‍රකාශ කළ බවත් තමන් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු කනගාටුවක් නොමැති බවත් සඳහන් කළේය. 

නව අදහස දක්වන්න