උතුරේ ජනතාවට ලැබුණු හොඳම බලාපොරොත්තුව නැවත පදිංචියට අවස්ථාව දෙන බව ජනපති කීමයි | දිනමිණ

උතුරේ ජනතාවට ලැබුණු හොඳම බලාපොරොත්තුව නැවත පදිංචියට අවස්ථාව දෙන බව ජනපති කීමයි

ජයසිරි පේදුරුආරච්චි
යාපනය රදගුරු හිමිපාණන් ජනතාව ඇමැතූ අයුරු සහ එක්ව සිටි පිරිසෙන් කොටසක්ද මෙහි වෙති.

වසර විසිහයකට පසු උතුරේ ජනතාවට ලැබුණු හොදම බලාපොරොත්තුව නැවත පදිංචියට අවස්ථාව දෙන බව ජනාධිපති පැවසීම බවත් කදවුරුවලින් මිදී සාමාන්‍ය පරිදි ජන ජීවිතය ගතකරන්නට ලබෙන අවස්ථාව ඉතාම සතුටුදායක ආරංචියක් බවත් යාපනය රදගුරු අති උතුම් ජස්ටින් ඥානප්‍රකාසම් හිමිපාණන් පැවසූහ.

මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ 110 වැනි වාර්ෂික මංගල්‍යය සඳහා එක්වෙමින් එලෙස පැවසූ රදගුරු හිමියන් එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

අපි අද මාතරට ආවේ විශාල සතුටකින් ඒ සතුට හැමදාම රැදෙන්න මාතර දේවමෑණියන්ගේ ආශිර්වාදය සැමට පතනවා. වසර තිහක් යුද්ධය නිසා දුක්කම්කටොළු මැද ජීවත්වුණා. දේවස්ථාන, හින්දු කෝවිල් ආදිය විනාශවුණා. ජනජීවිතය හා කඩාවැටෙමින් තිබූ රට අප මතක්කර ගත යුතුයි. ජනතාවගේ ජීවිත ගොඩනඟන්න ලොකු වෙහෙසක් දරන්න සිදුවෙනවා.

මේ කාලය තුළ ලැබුණු ලොකුම බලාපොරොත්තුව අවුරුදු විසිහයකට පසු මේ යහපාලන රජයේ ජනාධිපති උතුරට පැමිණ පොරොත්දුවුණා පුළුවන් ආකාරයට ජනතාව පදිංචිකරවන්න. නමුත් ඔවුන්ට අයිති කිසිම දෙයක් ඒ බිමිවල නෑ. හිස් ඉඩම් තමයි ඔවුන්ට ලැබෙන්නේ. කෙසේවෙතත් ඒක ඉතාමත්ම සතුටු ආරංචියක්.

උතුරු දකුණු ජනතාව එකමුතුවෙමින් දකුණේ ජනතාව උතුරට එන්න පටන්ගෙන තිබෙනවා. නාගදීපයට විශාල ජනතාවක් එනවා. සති අන්තයේ ලොකු ජනතාවක් උතුරේ රැස්වෙනවා. ඒ තත්ත්වය අපි තව තවත් ශක්තිමත් කරමින් රැකගත යුතුයි. ඒ සඳහා අප නිරතුරු ආශීර්වාද කරනවා.

මේ අවස්ථාව අමතා ගාලු රදගුරු අති උතුම් රේමන් වික්‍රමසිංහ රදගුරුතුමන් ද අනුශාසනා ආශීර්වාද පැවැත්වූ අතර පූජා ප්‍රසාදීන්වහන්සේලා ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න