සිරගතවූවන්ගේ සුබසාධනයට කොඩි සතියක් | දිනමිණ

සිරගතවූවන්ගේ සුබසාධනයට කොඩි සතියක්

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳවීම ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන අතර සිරකරුවන් උදෙසා සෞඛ්‍ය වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම සනීපරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම මෙමගින් සිදු වේ.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රථම කොඩිය පැලඳවූ අතර අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, විජිත් විජිතමුණිද සොයිසා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - චන්දන පෙරේරා
ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න