ගල්බොඩ ඤාණිස්සර නාහිමිට සෙත් පැතීමේ පින්කමක් | දිනමිණ

ගල්බොඩ ඤාණිස්සර නාහිමිට සෙත් පැතීමේ පින්කමක්

කොළඹ හුනුපිටියේ ගංගාරාමාධිපති, ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන් වෙත සෙත් පැතීම නිමිත්තෙන් සංඝගත දක්ෂිණාමය පින්කමක් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (12) ගංගාරාමයේදී පැවැත්විණි.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමි, අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි අනුනාහිමි, ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් ඇතුළු මහා සඟරුවන ඇතුළු මැතිඇමැතිවරු රැසක්ද සහභාගි වූහ.

ඡායාරූපය- දුෂ්මන්ත මායාදුන්න 

නව අදහස දක්වන්න