බස්නාහිර පළාත් සභාවේ තනතුරුවල වෙනසක් | දිනමිණ

බස්නාහිර පළාත් සභාවේ තනතුරුවල වෙනසක්

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි හා ගිණුම්කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉවත් කර තිබේ.
 
ඒ අනුව නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස චන්දන ජයනාත් මහතා සහ සභානායකවරයා වශයෙන් හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.
 
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් පත්වීම් සිදු කර තිබේ.
 

නව අදහස දක්වන්න