"සමුගැන්මේ හාද්දකින්" සෙනසුරු ඇසුර නිමකරන කැසිනි | දිනමිණ

"සමුගැන්මේ හාද්දකින්" සෙනසුරු ඇසුර නිමකරන කැසිනි

වසර 13ක් පුරා සෙනසුරු ග්‍රහයා ඇසුරේ කාලය ගෙවූ ජාත්‍යන්තර කැසිනි අභ්‍යවකාශ යානය මේ සතියේ සිය මෙහෙවර අවසන් කරමින් විනාශය කරා යාම සඳහා පසුගියදා සිය ගමන් මග සකසා ගත්තේය.

සෙනසුරුගේ විශාල චන්ද්‍රයකුවන් ටයිටන් හරහා සඳුදා කිලෝමීටර 120,000ක් පියාසර කළ කැසිනි යානය විසින් ග්‍රහයා මත ගැටීමට ප්‍රමාණවත් ගමන් මග සකසාගනු ලැබිණි.

ඒ අනුව, සිකුරාදා (සැප්තැම්බර් 15) සෙනසුරුගේ ගැටීමේ කරා යන කැසිනි ගේ අවසන් ගමන කිසිවකට නවතාලිය නොහැකි වනු ඇත.

සෙනසුරු වෙත ඇදී යන ගමනේදී කැසිනි කැබලිවලට බිදී විසිරේ.

එහි උපාංග දියවී ග්‍රහයාගේ වායු අතර විසිරී යනු ඇත.

ඒ සඳහාවූ ඉන්ධන බොහෝදුරට අවසන් වීම හේතුවෙන් පාලනයකින් තොරව සෙනසුරු වටා සැරිසැරීමට යානයට ඉඩ නොදීමට තීරණය කළ නාසා (Nasa) හෙවත් ඇමෙරිකානු ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය යානය සුදුසු මෙන්ම පූර්ණ ලෙස අත්හැරීමට පියවර ගත්තේය.

වසර 13 ට පෙර සෙනසුරු වෙත පැමිණි තැන සිට එම ග්‍රහයා මෙන්ම එහි සිත්ගන්නාසුළු වළලු අධ්‍යයන කිරීම සඳහා කැසිනි යානය විවිධ පිහිටීම් සකසා ගත්තේ සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවෙනි විශාලතම චන්ද්‍රයා වන ටයිටන් ගේ ගුරුත්වය උපයෝගී කරගනිමිනි.

සඳුදා අවසන් වරට කැසිනි යානය ටයිටන් චන්ද්‍රයා වටා සැරිසැරීම නාසා ආයතනය විසින් හඳුන්වනු ලැබුවේ "සමුගැන්මේ හාද්ද" ලෙසිනි.

(බී.බී.සිය ඇසුරෙනි)

 

නව අදහස දක්වන්න