සී.අයි.සී වෙතින් වෙන­ස්වෙන පරි­ස­ර­යට ගැළ­පෙන ගොවිතැ­නක් | දිනමිණ

සී.අයි.සී වෙතින් වෙන­ස්වෙන පරි­ස­ර­යට ගැළ­පෙන ගොවිතැ­නක්

l බිලි­යන 2 ක  කෘෂි ආයෝ­ජ­න­යක්

මදාරා මුදලිගේ 

ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයට දීර්ඝකාලයක් පුරාවට අතහිත දුන් සමාගමක් වන සී.අයි.සී සමුහ ව්‍යාපාර සමාගම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බිලියන 2 ක කෘෂි ආයෝජනයක් සිදු කර ඇත. මෙය අති නවීන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි කර්මාන්තයේ නියෑලී සිටින ගොවීන්ගේ ජීවනෝපාය කෙරෙහි බලපානු ඇත. තවද මෙම නව ව්‍යාපෘතියෙන් සෘතු විපර්යාසයන්ට ඔරොත්තු දෙන අයුරින් කෘෂිකර්මාන්තයේ නියැලීමට හැකියාව ලැබේ.නුදුරු අනාගතයේ දී රටේ විශාලතම කෘෂිකාර්මික ව්‍යාපෘතියක් වන ක්රෝප්විස්(cropwiz)මඟින් රටේ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදනයට බලපෑම් කෙරෙන අයුරින් වෙනස් වෙමින් පවතින කාළගුණික රටා වනට මේ මඟින් මුහුණ දිය හැකියි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා බිලියන 1 ක ජාත්‍යන්තර ඒකාබද්ද ව්‍යාපාරයක් සම්බන්ධ වී ඇති අතර දේශගුණික වෙනස්කම් මගින් ,වාර්ෂික නිෂ්පාදනවලට ඇතිවන බලපෑම අවම කිරීම සදහා අති නවින හරිතාගාර තාක්ෂණය යොදා ගනී.

එමෙන් ම මෙම ව්‍යාපෘතිය සඳහා ස්වංක්‍රීය දේශගුණික පාලන යන්ත්‍ර, පොහොර පද්ධති යොදා ගනී. හරිතාගාරතුළ බොහෝ දුරට ස්වයංපෝෂිත ස්වභාවයෙන් යුතුව සැකසී තිබේ. තිරසාර ජලීය අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමේ ක්‍රමවේදයකට අනුව ජලය ලබා ගැනීම , වැසි ජල අස්වනු හා ජාන තාක්ෂණය උපයෝගී කර ගැනීම

මඟින් ජලය පිරිමසා ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ. මෙම නව ව්‍යාපෘතිය මඟින් ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශවල පදිංචි ජනතාවට රැකියා අවස්ථා හිමි කරදීමට අපේක්ෂා කෙරේ.

මොනරාගල,සහ අනුරාධපුර ප්‍රෙද්ශයේ ජීවක්වන ගෝවීන් 13,400 කට වැඩි ප්‍රමාණයකගේ ජීවන තත්ත්වය ඉහළ නංවීම ද මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වේ. තවද මෙමගින් නිසි වියළන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් කුකුළු ආහාර ආරක්ෂා කර ගැනීම සදහා යෙදවුම් භාවිතා කිරීමට සැළසුම් කර ඇත. සී.අයි.සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ වන සමන්ත රණගුංග ප්‍රකාශ කළේ 2020 වසර වන විටදී ශ්‍රි ලංකාවේ දුෂ්කර පළාත්වල සිටින ගොවීන්ගේ ආර්ථිකය උපරිමයෙන් ම ශක්තිමත් කිරීමට දැනටමත් මෙම ආයෝජන ව්‍යාපෘතිය පියවර ගෙන ඇති බව ය.

 

 

නව අදහස දක්වන්න