ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

සැප්තැම්බර් මස 13 සිට 19 දක්වා

මේෂ
අධ්‍යාපනයට යහපත්

ප්‍රධානීන්ගෙන් සහ ප්‍රභූන්ගෙන් ප්‍රශංසා ලබයි. විශේෂයෙන්ම පරිපාලන කටයුතු ගැන වගකීම් හා භාරකාරත්වයක් දරයි. ශාස්ත්‍රීවේදීන් හා ඇසුරට වැටේ අලාභ නොවන ඉඩකඩම් නිවාස ගනුදෙනු ආදියේ යෙදේ. බහුවිද ආදායම් මාර්ග සොයායයි.

පුවත්පත් ග්‍රන්ථ කරන ආදී සාහිත්‍ය කටයුතු කරන්නන්ට හිතකරය. අය පක්ෂය සුබය. අධ්‍යාපනයට යහපත්ය. හදිසියේම වාසස්ථාන වෙනසක් සිදුවිය හැක. අපේක්ෂිත විදෙස් ගමන් යැවේ . ස්නායු රෝග ඉස්මතු විය හැක.

වෘෂභ
විදෙස් ගමන්

කලා ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ට ආදායම්වල ප්‍රගතියක් පෙන්වයි. වාසස්ථාන හා පාසල් මාරුවීම් ආදිය ඇතිවේ. ඉඩම් නිවාස ආදිය සඳහා ආයෝජන යෙදවෙයි. හවුල් ව්‍යාපාරවල නිරතවූවන්ට ලාභදායිවේ.

අධ්‍යාපනයට හිතකරය. ගෘහස්ථ කරදර හා ඥාතීන් සමඟ ගැටුම් ඇතිවිය හැක. වෘත්තීමය වශයෙන් යැවෙන විදේශ ගමන් යෙදේ. අත් හා උරහිස් ආබාධ මතුවේ.

මිථුන
ප්‍රතිවාදීන් පරදවයි

වංචාකාරයන්ට හසුවිය හැක. අසල්වාසීන් ගැටුම් ඇතිවේ. හදිසි ධන හානි. ඉඩම්, නිවාස සමඟ දේපළ විකිණීමේ යෙදී සිටින්නන්ට වාසිදායකය. සියලුම වර්ගයේ තරගවලින් ප්‍රතිවාදීයා පරදවීමේ හැකියාව ඇත. පාසල් අධ්‍යාපනයට බාධා පැමිණේ.

උසස් අධ්‍යාපනයට සුබය. කලාවේ නියුතුවූවන්ගේ ආදායම සතුටුදායකය. මඟුල් තුලා කටයුතු සාර්ථක වේ. තම රුචි කාර්ය දක්ෂ ලෙසින් කැපවීමෙනුත් කිරීම නිසා උසස්වීම්වලට මඟ පෑදේ. හදවත් රෝග ඇති අය ප්‍රවේශම් විය යුතු වේ.

කටක
මංගල යෝජනා

විශේෂයෙන්ම විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබය. කලාවටද හිතකරය. පෙම්වතුන්ට බාධා අව ම වේ.

කොන්ත්‍රාත්, ව්‍යාපාර, බ්‍රෝකර් වැඩ ආදියේ නිරතවූවන්ට වාසිදායකය. ඉඩකඩම්, නිවාස ගනුදෙනු ආදියේ ‍යෙදී සිටින්නන්ට ලාභදායක වේ. ස්ත්‍රී පාර්ශ්වයන් හා මිතුරන්ගෙන් උදව් ලබයි. අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. විවාහ මංගල ‍යෝජනා ආදියේ සාර්ථකත්වයක් පෙන්වයි. රුධිර පීඩනය ඉස්මතු විය හැක.

සිංහ
ගුප්ත රෝග ඇතිවේ

අධිෂ්ඨානය, ශක්තිය, ආත්ම ශක්තිය ඇත. සම උත්සාහයන් බොහෝ දේ ඉටුකරගනු ලබයි. ප්‍රතිවාදීන් අභිබවයි. ‍

දේපළ ඉඩකඩම් විකිණීමේ  යෙදී සිටින්නන්ට යහපත්ය. කෘෂිකර්ම, වතුපිටි ක්ෂේත්‍රවල යෙදී සිටින්නන්ට වාසිදායක වේ.

අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. ලේඛන කලාවේ, ග්‍රන්ථකරණයේ නියුතුවූවන්ට සුබය. වෘත්තීමය කටයුතුවලදී පරිපාලන බලය ඉස්මතු වේ. ගුප්තකරණ ඇතිවේ. මුත්‍රා අමාරු ඇතිවිය හැක.

කන්‍යා
ව්‍යාපාරවලින් පාඩු ලබයි

මුදල් ලැබීම අතින් අසාර්ථක සතියකි. සෑම කාර්යයකදීම වීර්ය හා කැපවීම යෙදවිය යුතුවේ. කොන්ත්‍රාත්, ව්‍යාපාරවල යෙදී සිටින්නන් පාඩු ලබයි. ගන්නා තීරණ ‍බොහෝ විට වැරදිවේ. ඉඩම් නිවාස ආදිය විකිණීමේ යෙදී සිටින්නන්ට අපේක්ෂිත ලාභය නොලැබේ. පාසල් අධ්‍යාපනයේ පසුබෑමක් පෙන්වයි. උසස් අධ්‍යාපනයට සු බය. ඉඩම් හෝ ගොඩනැඟිල්ලක් ‍වෙනුවෙන් යම් වියදමක් දැරීමට සිදුවේ. අත් පා උරහිස් රෝග මතුවිය හැක.

තුලා
වෘත්තියේ වෙනසක්

වෘත්තිමය කටයුතුවල යම් යම් වෙයනස්කම්වලට මඟ පෑදේ. වෘත්තිමය වශයෙන් දුර බැහැර ගමන් හා විදේශ ගමන් යෙදේ. දේපළ, ඉඩකඩම් හා ගනුදෙනු කරන්නන්ට යම් වාසියක් ලැබේ. අධ්‍යාපනයට බාධා නැත. හිමිවිය යුතු මුදල් හිමිවේ. පෙම්වතුන් රැවටිලිවල භාජනය වේ. මඟුල් තුලා කටයුතු සාර්ථකය. හවුල් ව්‍යාපාරවලට සුබය. දේශපාලඥයන්ගේ හා ප්‍රභූන්ගේ උපකාර ලබයි. හදවත් රෝග ඉස්මතු විය හැක.

වෘශ්චික
පෙම්වතුන්ට යහපත්

තම වෘත්තීය දක්ෂ ලෙස කරයි. ඉඩකඩම්, නිවාස ‍වෙනුවෙන් වියදම් හෝ ආයෝජන යෙදීමට සිදුවේ. එයින් යහපත් ප්‍රතිඵලද ලබයි. උසස් නිලධාරීන්ගේ සම්මානයට පාත්‍ර වේ. අධ්‍යාපනයට හිතකරයි. ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් ප්‍රතිලාභ ලබයි.

පෙම්වචතුන්ට යහපත්ය . දුර බැහැර කෙනෙකු හා ප්‍රේම සබඳතාවක් ඇතිවේ. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට එහි ප්‍රගතියක් ‍පෙන්වයි. රුමෙටික් ආබාධ ඇතිවිය හැක.

ධනු
පෙම්වතුන්ට හොඳ කාලයක්

විදේශ ගමන් යා හැක. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර, ව්‍යාපාරවල ආදියේ යෙදී සිටින්නන්ට වැඩි වැඩියෙන් ආයෝජන යෙදවීමට සිදුවේ. තමා සතු යම් යම් භාණ්ඩ හෝ ලියකියවිලි අස්ථානගතවිය හැක. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබය. කලා ක්ෂේත්‍රයට හිතකර සතියකි. අධ්‍යාපනයට බාධා නැත. පෙම්වතුන්ට හිතකර කාලයකි. මඟුල්තුලා කටයුතු සාර්ථක වේ. රුධිර දෝෂ ඉස්මතු විය හැක.

මකර
ලේඛනයට සුබයි

අධ්‍යාපනයට බාධා පැමිණෙයි. අපේක්ෂක විදේශ ගමන් කල් යයි. ප්‍රභූන් සමඟ විරසක වේ. පියා හා ගැටුම් ඇතිවෙයි. ඉඩකඩම්, නිවාස ගොඩනැඟිලි ගැටලු ඇති අයට තම වාසියට නිරවුල් කරගත හැක. ලැබීමට නියමිත මුදලින් ‍කොටසක් ලැබේ. කලාකරුවන්ට අසුබ නැත. ග්‍රන්ථකරණයේ හා ලේඛණයේ නිරතවූවන්ට සුබය. අධ්‍යාපනයට හොඳය. ‍සෙම් රෝග ඉස්මතු වේ.

කුම්භ
ව්‍යාපාරවලින් අවාසි

නිවාස, ඉඩකඩම්, ගනුදෙනු කරන්නන්ට වාසි ගෙනදේ. ස්ත්‍රීන්ගෙන් උපකාර ලබයි. රහස් සතුරු කුමන්ත්‍රණ ඇත. එවා අනවිණ කොඩිවිණ වේෂයෙන් පැමිණිය හැක. ප්‍රේමවන්තයන්ට හිතකර තත්ත්වයක් නැත. වෙන්වීම් පෙන්වයි. හවුල් ව්‍යාපාරවලින් අවාසිය ගෙනදේ. අධ්‍යාපනයට සුබය. ප්‍රතිවාදීන් හා ගැටුම් ඇතිවේ. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට එතරම් සුබදායි නැත. ස්නායු ආබාධ ඇතිවේ.

මීන
සටන්වලට නායකත්වය

ආදායම් තත්ත්වය යහපත්ය. හදිසි වියදම් වැඩිවිය හැක. උසස් ප්‍රභූන්, දේශපාලඥයන් සමඟ ඇසුරට වැටේ ඔවුන්ගෙන් උදව් උපකාර ලබයි. තම සේවා ස්ථානයේ වගකීම් වැඩිවේ.

සටන්වලට නායකත්වය දේ. පෙම්වතුන්ට සුබය. නව ‍පෙම් සබඳතා ඇතිවේ. කලාවට සුබය. අධ්‍යාපනයේ නිරතවූවන්ට යහපත්ය. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසි වේ. කොන්දේ අමාරු ඇතිවිය හැකිය.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...