තාවකාලික පදිංචිකරුවන් ඉවත්කරන්නැයි උද්ඝෝෂණයක් | දිනමිණ

තාවකාලික පදිංචිකරුවන් ඉවත්කරන්නැයි උද්ඝෝෂණයක්

 බුලත්කොහුපිටිය යක්ඇල්ල ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ සිටින 2016 වර්ෂයේ නායයෑමෙන් අවතැන් වූ පවුල් ඉවත් කර දෙන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ දරුවන්ගේ මවුපියන් සංවිධාන කළ උද්ඝෝෂණයක් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පවත්වන ලදී.

එම උද්ඝෝෂණය පැවැත් වු ස්ථානය අසල සීලානන්ද විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ තාවකාලිකව පදිංචිව සිටින අය අතරින් පවුල් 4ක් නියෝජනය කරමින් ද තමන්ගේ ඉඩම් ලබාදීමේ ගැටලුවට විසැඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා දෙදෙනකු ද උපවාසයක් ආරම්භ කර තිබුණි.බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

මේ පිළිබඳව කළ විමසීමක දී බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය මෙසේ පැවසුවාය.

දැනට ක්‍රීඩාපිටියේ පදිංචිවෙලා ඉන්නවා පවුල් 30ක් එයින් පවුල් 4ක් ඔවුන්ට ඉඩම් ලබාදිමට සුදුසුකම් නැති අය .ඒ අය අතරින් එක් පුද්ගලයෙක් ඉන්නවා බුලත්කොහුපිටිය කොට්ඨාසයේ පදිංචිය සනාථ කර ගැනීමට නොහැකි වූ පවුලක්.අනිත් පවුල් මධ්‍ය අවදානම් ස්ථානවල පදිංචි පවුල් 3ක් ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඒ බව තහවුරු කර තිබෙනවා.එහෙම තහවුරුකළ අයට ඉඩම් ලබාදිමේ ක්‍රමවේදයක් නෑ.ඒ අයට භූමියේ යම්යම් ක්‍රමවේදයන් අනුගමනය කරමින් අවධානම් තත්වයෙන් මිදිය හැකියි. ඉතිරි පවුල් 26 ට ලෑවල ග්‍රාමසේවා වසමේ හෙනිලන්ඩ් වත්තේ ඉඩම් කට්ටි ලබාදීමට කටයුතු කර තිබෙන්නේ.ඉදිරි සතිය තුළ එම ඉඩම් එම පවුල්වල 26 ට ලබාදුන්විට ක්‍රීඩා පිටිය නිදහස් වෙනවා.

ඡායාරූපය - බුලත්ෙකාහුපිටිය සමූහ

නව අදහස දක්වන්න