දිප්පිටියේ සති පොළට නියමිත තැනක් නෑ | දිනමිණ

දිප්පිටියේ සති පොළට නියමිත තැනක් නෑ

 වසරකට වැඩි කාලයක් දිප්පිටියේ සති පොළ පැවැත් වීමට නිසි ස්ථානයක් නොමැති හෙයින් මහ පාරේ සහ කුඩා බිම් කඩක පැවැත් වීම නිසා වෙළෙඳුන් සේම මාර්ගයේ ගමන් කරන ජනතාවද දැඩි අපහසුතාවට ලක් වෙන අයුරු එහි ගිය අපට දැක ගත හැකි විය. සමහර වෙළෙඳසල් අරණායක මාවනැල්ල පාරේ දෙපස ඉරිදා සති පොළ වෙනුවෙන් තාවකාලිකව ස්ථාපනය කර ඇති හෙයින් එම දිනයේ දිප්පිටිය නගරයේ පොළ පැවැත්වෙන රාජගිරි විදුහල ඉදිරිපිට දැඩි වාහාන තදබදයක් පවති.

පොළ පැවැත්වෙන මෙම ස්ථානය සේම එළවළු වෙළෙඳුන් සිය වෙළෙඳාම් කටයුතු සිදු කරන මාර්ගයෙන් පිටු පස ලලිත් දිසානායක දිප්පිටිය ක්‍රීඩාංගණයද වැසි පවතින විට මඩ වගුරක් බවට පත් විම නිසා වෙළෙඳුන්ගේ එළවළු ඉතා ඉක්මනින් කුණු විම යන ආදිය නිසා විශාල වශයෙන් පාඩු ලබන බව වෙළෙදෝ පෙන්වා දෙති. ඒ නිසා විශාල වශයෙන් එළවළු නාස්ති වී ක්‍රීඩා පිටියේ විසි කර දමා ඇති අයුරු ද පොළ පැවැත්වෙන එදින දැක ගැනිමට හැකි විය.

එසේ හෙයින් මෙ සඳහා බලධාරින්ගේ අවධානය යොමු කොට මෙ ගැටලුව වෙනුවෙන් කඩිනම් විසදුමක් ලබා දිමට හැකි නම් ඉතා වටිනා ක්‍රියාවක් බව ජනතාව මෙන්ම වෙළෙන්දෝ පවසති.

ඡායාරූපය - මාවනැල්ල සමන් විජය බණ්ඩාර 

 

නව අදහස දක්වන්න