විද්‍යා ඝාතන නඩුව: ලලිත් ජයසිංහ ඇප මත මුදා හරී | දිනමිණ

විද්‍යා ඝාතන නඩුව: ලලිත් ජයසිංහ ඇප මත මුදා හරී

 ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට පත්ව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස යාපන කයිට්ස් මහේස්ත‍්‍රාත්වරයා ඊයේ(13) නියෝග කළේය. මේ අනුව ඔහුට ලක්ෂ 3ක් මුදල් ඇපයක් සහ ලක්ෂ 5ක ශරීර ඇප 4ක් නියම විය.

සෑම මසකම පළමුවැනි සඳුදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර අත්සන් තැබීමටද නියෝග කළේය. 2015 මැයි මාසයේ දී කණ්ඩායමක් විසින් ශිවලෝගනාදන් දූෂ්‍ය කර ඝාතනය කර තිබුණි.

නඩුව ලබන දෙසැම්බර් 5 වැනිදා යළි කැඳවයි. 


නව අදහස දක්වන්න

Or log in with...