තවුහිද් ජමාද් උද්ඝෝෂණයට තහනම් නියෝගයක් | දිනමිණ

තවුහිද් ජමාද් උද්ඝෝෂණයට තහනම් නියෝගයක්

මියන්මාරයේ මුස්ලිම් ජනයා පීඩාවට පත්වෙන බව කියමින් ඊට විරුද්ධව තවුහිද් ජමාද් සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(14) තහනම් නියෝගයක් පැනවීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මෙම නියෝගය පැනවීය.

ඒ අනුව අද දහවල් 1ට මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර එය තහනම් කරමින් තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් එස්.එම්.අස්මීර්ට අදාළ නියෝගය නිකුත් කෙරිණි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...