‘2018 අයවැය’ සංවර්ධනය සහ සංහිදියා පදනමයි | දිනමිණ

‘2018 අයවැය’ සංවර්ධනය සහ සංහිදියා පදනමයි

2018 අයවැය ලිහිල්කරණය වු ආර්ථික ප්‍රතිසංස්කරණ, ව්‍යවසායකත්ව ප්‍රවර්ධන හා ප්‍රමුඛ ව්‍යාපාර ආයෝජන පාරාදිසයක අරමුණ ඇතිව සැකසෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර ‘පරිපාලනවේදී විද්‍යාර්ථීන්ගේ සංගමය සහ Daily FT (Daily Financial Times) එක්ව සංවිධානය කරන ලද 2018 පූර්ව අයවැය සමුළුවට සහභාගී වෙමිනි.

එහිදී ප‍්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් විසින් අයවැය සඳහා සලකා බැලීමට ඉදිරිපත් කරන ලද යෝජනා සාකච්ඡාවට බඳුන්විය.

සමුළුව ඇමතු ඇමති මංගල සමරවීර මහතා පවසා සිටියේ “ මෙම රජය ‘සැලසුම් කරන ලද අයවැයක්’ (Designer Budget) නිර්මාණය කිරීමේ නිරතව සිටින බවය. ඒ තුළින් ලිහිල්කරණය වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණ, ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධනය හා ප‍්‍රමුඛ ව්‍යාපාර ක්ෂේත‍්‍ර පුළුල්කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සංහිඳියාව සහ සංවර්ධනය යන කුළුණු ද්විත්වය මත සමබර රටක් නිර්මාණය කිරීමට“ බලාපොරොත්තු වන බවත් සදහන් කළේය.

ඊට එක්වු අනාගත ව්‍යාපාර නායකයින් ඇමතු අමත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ “ ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමය ගොඩනැගීමේ වැදගත්කමයි. ඒ සඳහා ශ‍්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ මාර්ග හඳුනා ගනිමින් ආයෝජන පාරාදීසයක් බවට පත් කළ යුතු අතරම අපනයන වර්ධනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය හා නිවාස වැනි සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කළයුතු බවත් “ඔහු පෙන්වා දෙන ලදි.

නව අදහස දක්වන්න