සංචා­රක ආක­ර්ෂ­ණය දිනූ ආසි­යානු ගම­නා­න්ත­ය ශ්‍රී ලංකාව | දිනමිණ

සංචා­රක ආක­ර්ෂ­ණය දිනූ ආසි­යානු ගම­නා­න්ත­ය ශ්‍රී ලංකාව

පසුගිය වසරේ අගෝස්තු මාසය සමඟ සැසඳීමේදී මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 2.5%( 190,928)ක වර්ධනයක් පෙන්නුම් කරයි. මේ පිළිබදව අදහස් දැක්වු සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළේ “මේ වසරේ දී සංචාරකයින්ගේ පැමිණීම 2.5 % කින් ඉහළ යාමෙන් අපේ සංචාරක කර්මාන්තයේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වුණා.ඩෙංගු වසංගතය හා ගංවතුර හේතුවෙන් සංචාරක කර්මාන්තය විශාල බලපෑමකට ලක්ව තිබියදීත් ප්‍රමාණවත් තරම් සංචාරකයින් ප්‍රමාණයක් පැමීණීම සතුටට කරුණක්. ජාතික ගුවන් සේවයක් වන ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම වසර ගණනාවක තිස්සේ සංචාරක කර්මාන්තයට ප්‍රතිලාභ ලබා දුන්නා. එම ප්‍රතිලාභය මෙරට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයට වඩාත් ඉවහල් වුණායි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව මේ වසරේ පළමු මාස 8 තුළ සංචාරකයින්ගේ සංචරණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලය තුළ පැමිණි මිලියන 1.3 ට සාපේක්ෂ 3.5% කින් ඉහළ යාමක් වාර්ථාවෙයි.

එය සංඛ්‍යාත්මකව 1,440,854 දක්වා ඉහළ යාමකි. 2010 වසරේදී ඉන්දියාවෙන් 233,120, චීනයෙන් 189,696, එක්සත් රාජධානියෙන් 141,378,ජර්මනියෙන් 89,459, හා ප්‍රංශයෙන් 73,081 සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබේ.

ශ්‍රි ලංකාවේ විශාලතම සංචාරක වෙළෙදපොළ වන ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය පසුගිය වසරේ පළමු මාස අට තුළදී 27.9% කින් ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේ දී බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 1.6% (65,949), වාර්තා වී ඇති අතර ප්‍රංශයෙන් හා ජර්මනියෙන් පැමිණි ප්‍රමාණය පිළිවෙළින් 0.7% (10,730), ක් සහ 10,730%( 10,993 ) ක් ද වේ. එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 7%( 21,903 ) ක් ද නෙදර්ලන්තයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 20.5%( 5697 ) දක්වා වැඩි වී තිබේ.

නැගෙනහිර ආසියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2.4% ( 42,417)කින් වර්ධනය වී ඇති අතර චීන සංචාරකයින් 3.7% ක් දක්වා පහත වැටී ඇත.ජනවාරියේ සිට අගොස්තු දක්වා කාල සීමාව තුළ චීනයේ සංචාරකයින් 190,992 ට සාපේක්ෂව 0.7% සිට 189,696 දක්වා පහත වැටී තිබේ. 2016 වසරේ ලංකාවට පැමිණි සංචාරකයින්ගෙන් ලබා ගත් ආදායමට වඩා 2017 වර්ෂයේ මුල් මාස 08 තුළදී ඉහළ ආදායමක් පෙන්නුම් කර ඇත. එමෙන් ම මේ වසරේ සංචාරකයින්ගේ වාර්ෂික පැමිණීම 14% කින් ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2017 වර්ෂයේ ජුනි මාසයේ දී සංචාරකයින් 123,351 ක් පැමිණ ඇති අතර සංචාරකයින්ගේ පැමිණීම 4.5% ක වර්ධනයක් පෙන්නුම් කරයි.2017 වසරේ පළමු භාගය තුළ සංචාරකයින්ගේ පැමිණීම 4.8% කින් වර්ධනය වී ඇත. 2017 වසරේ ජුනි මාසයේදී සංචාරකයින්ගෙන් ලද ආදායම ඩොලර් මිලියන 211.6 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.

 

නව අදහස දක්වන්න