අභි­යෝග ජය­ගත හැක්කේ විශාල ආර්ථික පිම්ම­කින් | දිනමිණ

අභි­යෝග ජය­ගත හැක්කේ විශාල ආර්ථික පිම්ම­කින්

කුමන තත්ත්වයේ ආර්ථික දියු­ණු­වක් ඇති­කර ගත්තත් පරි­ස­රය  පිළි­බ­ඳව  නොතැ­කු­වොත්  සම­බ­ර­තාව බිඳී යනවා. මේ නිසාම මූලි­කම දෙය  පරි­ස­රය බව සිතා කට­යුතු කිරීම  අත්‍යා­වශ්‍ය වෙනවා.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

l ජාතික වානිජ මණ්ඩ­ලයේ සභා­පති සුජීව සම­ර­වීර

නූතන රාජ්‍ය සංක­ල්පය නිර්මා­ණය වී ඇත්තේ ආර්ථි­කයේ ප්‍රමු­ඛ­තම අංශය පෞද්ග­ලික අංශය බවට පත්වෙ­මිනි. එහිදී පෞද්ග­ලික අංශය හා රාජ්‍ය අංශය අතර එක­ඟතා, අව­බෝ­ධය මෙන්ම සබ­ඳතා, කේවල් කිරීම්, ගොඩ­නැ­ඟීමේ කාර්යය ඉටු­කෙ­රෙ­නුයේ වාණිජ මණ්ඩල, ව්‍යාපා­රික සංවි­ධාන, ව්‍යව­සා­යික එක­මුතු ඔස්සේය. එවැනි වානිජ මණ්ඩල අතර ජාතික වානිජ මණ්ඩ­ල­යට හිමි­වන්නේ ප්‍රමු­ඛ­තම ස්ථාන­යකි. එහි වත්මන් සභා­පති සුජීව සම­ර­වීර සමඟ ආර්ථික තත්ත්වය හා ව්‍යව­සා­යික ගැටලු පිළි­බ­ඳව සිදු­ක­රන ලද සාක­ච්ඡා­වකි මේ. 

ජාතික වානිජ මණ්ඩලයේ ආරම්භයත්, මෙරටට නිදහස ලැබීමත් එකම වකවානුවකයි සිදුවී තිබෙන්නේ. 1948 ආරම්භය ලෙස සඳහන් වුවත් මෙහි ආරම්භය ඊට බොහෝ ඈතට දිවෙන්නක් මුලින් සිලොන් චෙම්බර් නමින් ආරම්භ වී තිබුණේ මෙම ආයතනයයි. මුල්කාලීනව ‍තේ කර්මාන්තය ප්‍රමුඛකොට‍ෙගනයි එම සංගමය ගොඩනැඟී තිබුණේ. අනෙකුත් කර්මාන්ත හා ව්‍යාපාර මුල්කරගෙන ජාතික කර්තව්‍යයන් ඉටුකිරීමේ අරමුණින් මෙම ආයතනය වෙනම ආයතනයක් ලෙස 1948 අනතුරුව කටයුතු කිරීම ඇරැඹී තිබෙනවා. මෙහි අරමුණු ජාති, ආගම්, පංති ඉක්මවා ගිය ජාතිකත්වය පෙරදැරිව ගොඩනැඟුණත්, ඕනෑම කෙනෙකුට ජාතික වාණිජ මණ්ඩලය වෙතට පැමිණ තම වාණිජ ව්‍යවසායික ගැටලු හමුවේ සහයෝගයෙන් යුතුව කටයුතු කළ හැකියි.

 

Q ඔබ ආයතනය ආරම්භ වී ඇත්තේ නිදහසට සමගාමීවය. නිදහසින් අනතුරුව දියුණුව ලැබූ කලාපයේ රටවල් පිළිබඳව සැලකීමේදී අප පසුගාමීයි.

 

දකුණු ආසියානු රටවල්, අග්නිදිග ආසියානු කලාපය පිළිබඳව සැලකුවත් අප වර්ධනය කරගත් ආර්ථික වර්ධනය සාපේක්ෂව යම් පසුබෑමක ඇති බව පැහැදිලිය. නමුත් ඉන් කියැවෙන්නේ නෑ අපි මුළුමනින්ම අසාර්ථක බව.

නිදහස ලබා ගෙවුණු වසර 69 තුළ වසර 30 ක්ම ගෙවුණේ යුද්ධය සමඟ. ඊට අමතරව ඒ වකවානුවේ රටේ යටිතල පහසුකම් දියුණුවීම සිදුවුවත් ඉතාමත් සීමිත ආකාරයෙන්. නිවෙසක වුවත් ගැටුම්, අඬදබර ඇතිවිට, එහි ඉදිකිරීම්, අලුත්වැඩියා ආදී කිසිවක් සිදුවන්නේ නෑ. රටටත් වුනේ ඒ දේමයි. ඒ කාලයේ ව්‍යාපාර දියුණු වුණා. ඇතිවුණා. නමුත් රටේ සියලු ඉපැයීම් වැයකිරීමට සිදුවුණේ මූලික අවශ්‍යතා වෙනුවෙන් පමණයි. රටේ විශාල ප්‍රදේශයක් ආර්ථික කලාපයෙන් බැහැර වුණා. එම තත්ත්වය සමනය වී රටේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.

 

Q ආර්ථික ගැටලු නිරාකරණය කිරීම සඳහා රටක් වශයෙන් ගත යුත්තේ කවර ආකාරයේ ක්‍රියාමාර්ගයන් ද?

 

මේ සඳහා විශාල ආර්ථික පිම්මක් පැනිය යුතු බවයි අපගේ අදහස. අපිට අවශ්‍ය ආර්ථික වර්ධන වේගය 20% ක් නම් අපි එය 40% ඉලක්කයක තබාගත යුතුය. එවැනි ඉලක්කයකින් කටයුතු කිරීමේදී අවම වශයෙන් 30% තත්ත්වයකට හෝ ළඟාවිය හැකියි. පෞද්ගලික අංශය කටයුතු කරන්නේ එවැනි ක්‍රමෝපායන් ඔස්සේයි. මේ වන විට අප විසින් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා හොඳ ප්‍රවේශයක් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් මූලික වන්නේ අන්තර්ජාතික වශයෙන් ඇතිකරගනිමින් තිබෙන විශ්වාසයයි. මේ වන විට අන්තර්ජාතික වශයෙන් අප වෙත එල්ල වී තිබුණ සුළු ජාතින් මර්දනය කිරීම සහ සැකමුසු බැල්ම ඉවත් වී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ජාතියක්ය යන ආකල්පය වර්ධනය වෙමින් පවතිනවා. ඒ අනුවයි ÒGSP+Ó සහනය හිමිවන්නේ. ඒ ඇසුරින් අපනයන ආදායම් වැඩිකර ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. මේ වන විට උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශ ඉතා කඩිනමින් ආර්ථික කලාප බවට පරිවර්තනය වී තිබෙනවා. ඒ ප්‍රදේශවල කෘෂිකාර්මික මෙන්ම කාර්මික නිෂ්පාදන වර්ධනය ක්‍රමිකව ඉහළ යමින් පවතිනවා. මේ තත්ත්වයන් වඩ වඩාත් වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම තව තවත් කඩිනමින් සිදුවිය යුතුය.

 

Q මේ වන විට අප මුහුණදෙන දරුණුතම ආර්ථික අභියෝගය ස්වභාවික විපත් හා කාලගුණ විපර්යාස බවට පත් වී තිබෙනවා.

 

මේ තත්ත්වය රටක් වශයෙන් අප පමණක් මුහුණ දෙන තත්ත්වයක් නොවේ. ගෝලීය තත්ත්වයන්, ගෝලීය උණුසුම වර්ධනය වීමේ විපාක ලෝකයටම පොදු‍ වී තිබෙනවා. මේ නිසාම කාලගුණික විපර්යාස බොහෝමය. නියඟය නිසා මේ වන විටත් අපේ වී වගා කරන ප්‍රදේශ බොහොමයක් කන්න තුනක් පමණ වගා කටයුතු සිදුකර නෑ. මේ තත්ත්වය විදුලිබල නිෂ්පාදනයටත් බලපා තිබෙනවා. මේ නිසාම පාරිසරික කළමනාකරණය පිළිබඳව සුවිශේෂී අවධානය යොමුකළ යුතු වෙනවා. කුමන තත්ත්වයේ ආර්ථික දියුණුවක් ඇතිකර ගත්තත් පරිසරය පිළිබඳව නොතැකුවොත් සමබරතාව බිඳී යනවා. මේ නිසාම මූලිකම දෙය පරිසරය බව සිතා කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

 

Q පොලිතින් භාවිතය පිළිබඳව රජය නීතිමය රාමුවක් සකසා තිබුණා. නමුත් පසුගිය දිනවල පොලිතින් නිෂ්පාදන ව්‍යාපාරිකයින් ඊට විරෝධය දක්වමින් කටයුතු කළා. මෙවැනි තත්ත්වයන් පිළිබඳ ඔබගේ අදහස.

 

කුමන ආකාරයේ ව්‍යාපාරයක් වුවත් එයින් සිදුවන පාරිසරික හානිය විශාල නම් එවැනි ව්‍යාපාර අනවශ්‍ය බව මගේ අදහසයි. මේ ව්‍යාපාරිකයින්ට රජය විසින් වෙනත් විකල්පයන් හඳුන්වා දී තිබුණා. සුදුසුම දෙය වන්නේ ‍එවැනි විකල්පයක් වෙතට නැඹුරු වීමය. ව්‍යාපාරය වෙනස් කිරීම දුෂ්කරය. සේවක ගැටලු, මූල්‍යමය ගැටලු ඇතිවෙනවා. නමුත් රජය විසින් ඒ සඳහාත් සැලකිය යුතු කාල රාමුවක් වෙන්නත් තිබුණා. මෙවැනි තත්ත්වයන් නිසා සිදුවන්නේ සැබෑ විරෝධතාවන් යටපත් වීමයි. මෙවැනි තත්ත්වයන් පිළිබඳව කිසිවෙකු සැලකිළිමත් නොවීමය. අවසන් වශයෙන් සිදුවන්නේ මෙය පමණක් නොවේ, වර්තමානයේ පාරවල් අවහිර කරමින් සිදුකරන විරෝධතාවයන් කිරීම එක්තරා මෝස්තරයක් බවට පත්වී තිබෙනවා. මෙවැනි අය වෙනුවෙන්මයි එංගලන්තයේ ‘ටවුන් හෝල්’ සංකල්පය ඇතිවී තිබෙන්නේ. විරෝධතා දැක්වීමට කැමති අයට ඒ සඳහා වෙන්කරන ලද ස්ථාන තිබෙනවා. අපිටත් විහාරමහා දේවියේ එළිමහන මේ සඳහා වෙන්කළ හැකියි. කැමති කෙනෙකුට කැමති ආකාරයේ විරෝධතාවක් දැක්වීමට.

 

Q පාරිසරික ගැටලු ජය ගැනීමට අපේ අතීතයෙන් පාඩම් උගත හැකියි ඔබ පැවසුවා.

 

අතීත රාජධානි යුගයේ ආර්ථිකය ජයගැනීමේදී අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේත් කාලගුණයයි. වසරේ වැඩි කාලයක් වර්ෂාව නොලැබීමය. මේ තත්ත්වය ජයගැනීමේ අභියෝගයට අපි මුහුණ දුන්නේ වාරි සංස්කෘතිය ගොඩනඟා ගැනීමෙන් මහ වැව්, කුඩා වැව්, කුළු වැව් ආදිය තනමින්. ඇළ වේලි තනමින් අපි ඒ අභියෝගයට ඉතා මැනවින් මුහුණ දුන්නා. වැව් ආශ්‍රිතව පැවැති වගුරුබිම්, ඒවායේ ස්වභාවිකව වැවී තිබුණ ශාක පද්ධතිය ස්වභාවිකව ජලය පිරිසිදු කළා. නමුත් ජනගහනය වර්ධනයත් සමඟ ඒ පාරිසරික සමතුලිතතාව බිඳවැටී තිබෙනවා. ජාතියක් වශයෙන් අප හඳුනාගත යුත්තේ සියවස් ගණන් පුරා අප විසින් වර්ධනය කරමින් පැමිණි දැනුම තවදුරටත් වර්ධනය කරමින් වර්තමානයේ උද්ගත වී ඇති අභියෝග ජය ගැනීම පිළිබඳවය.

 

Q ආයෝජන වැඩිකිරීමටත්, අපනයන ඉහළ දැමීමටත් වාණිජ මණ්ඩලයක් විදිහට ඔබ දක්වන දායකත්වය කෙබඳු ද?

 

අප වාණිජ මණ්ඩලය මඟින් සති දෙකකට වතාවක් විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත් කිරීමේ දේශන, වැඩමුළු සහ විශේෂ පුද්ගල හමු පවත්වනවා. ඒ අනුව අපනයනය පිළිබඳව යොමුවී දැනුවත් කිරීම් නිරන්තරව සංවිධානය වෙනවා. ඊට අමතරව අපගේ පුස්තකාලය මෙන්ම විමසීම් කාර්යාලය නිරතුරුව ඒ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහාම සංවිධානය වී තිබෙනවා. උදාහරණයක් විදිහට කොහු නිෂ්පාදකයන් එතැනට පැමිණ කොහු භාණ්ඩ ඉල්ලුම් කරන ලොව ආයතන මොනවාදැයි සොයා හඳුනාගත හැකියි. එසේම තානාපති කාර්යාල හරහා එවැනි ආයතන සම්බන්ධ කරදිය හැකියි.

එ පමණක් නොවේ ,අයවැය යෝජනාවන් සඳහා ව්‍යවසායකයින්ගේ යෝජනාවන් ඉදිරිපත් කිරීමේ සිට ,අපනයන දිරිගැන්වීම සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන වන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය,අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන මෙන්ම ඒ සඳහා , තාක්ෂණික මෙන්ම මූල්‍ය ආධාර ලබා දෙන දෙස් විදෙස් බංකු ආයතන , දෙස් විදෙස්

පුහුණු අවස්ථා, මෙන්ම නිපුනතාවයන් ගෙන් ව්‍යවසායකයින් සවිමත් කිරීම සඳහා සුව්ශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා.එවැනි ක්‍රියා මාර්ග නිසාම සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින් සැළකියයුතු පිරිසක් ඉහළ මධ්‍යම පරිමාණය දක්වා ඔසවා තැබීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ‍

ලෝකයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර ඇතැම්විට අපගෙන් ඉල්ලුම් කරනවා ඔවුනට ගැලපෙන වෙළෙඳ නියෝජීතයෙක් මෙරටින් සොයා දෙන ලෙස, එසේම අපගේ නිෂ්පාදකයින්ට ඔවුනගේ භාන්ඩ හා සේවාවන් අලෙවි කිරීමට ගැනුම් කරුවන් මෙරටින් හෝ විදේශ වලින් සොයනවානම් ඒ සඳහා කටයුතු කිරීමට අපි නිරතුරුව සූදානම් .

 

Q ජාතික වානිඡ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත් ව්‍යවසායික සම්මාන උළෙල පිළිබඳවත් සඳහන් ක‍ලොත්?

 

මේ වනවිට ඒ සඳහා අයදුම්පත් ලබාගත හැකියි. අපගේ ආයතනයට පැම්ණ හෝ වෙබි අඩවිය ඔස්සේ අයදුම්පත් ලබා ගැනීමේ අවස්ථාව සුළු , මධ්‍යම, මෙන්ම මහා පරිමාන යන අංශ ඔස්සේ අයදුම් කළ හැකියි.බස්නාහිර පළාත මූලික කොටගෙන විවිධ පරිමානයේ ව්‍යවසායික ආයතන විශාල සංඛාවක් පවතින නිසායි මෙම පළාත සඳහා විශේෂයෙන් සම්මාන උලෙලක් සංවිධාන කෙරෙනුයේ , මෙම සම්මාන උලෙලකදී සම්මාන 20 ක් පිරිනැමීමට නියමිතයි.සම්මාන පිරිනැමීමේදී , පරිසර හිතකාමී බව,කළමනාකරණය, සේවක සුභසාධනය, ආර්ථික වර්ධනය, ආදී සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කිරීමට නියමිතයි.මේ සඳහා අවධානය යොමුකර අයදුම්පත් එවන ලෙස අප ආයතනය බස්නාහිර පළාතේ ව්‍යවසායිකයින්ට ආරාධනා කරනවා.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...