ACL කේබල්ස් මාස්ටර් බ්‍රෑන්ඩ් තත්ත්ව සම්මා­නය හිමි කර ගනී | දිනමිණ

ACL කේබල්ස් මාස්ටර් බ්‍රෑන්ඩ් තත්ත්ව සම්මා­නය හිමි කර ගනී

ශ්‍රී ලංකාවේ අංක එකේ කේබල් නිෂ්පාදකයා වන ACL කේබල්ස් පීඑල්සී, පසුගිය දා, 2017 මාස්ටර් බ්‍රෑන්ඞ් තත්ත්ව සම්මානය දිනාගැනීමට සමත් විය. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, ACL කේබල්ස් සමාගමේ විශිෂ්ට සන්නාම වටිනාකම සහ රටේ ප්‍රමුඛතම කේබල් සැපයුම්කරුවා ලෙස සමාගම සතු කීර්තිය මේ ඇගයීම සඳහා පදනම් වී තිබේ.

මාස්ටර් බ්‍රෑන්ඩ් තත්ත්වය පිරිනමනු ලබන්නේ එක් එක් ව්‍යාපාර අංශයන් හි ඉහළම මට්ටමේ සන්නාමයන් වෙනුවෙන් වන අතර ඔවුන් වෙළෙඳ පොළෙහි හිමි කරගෙන සිටින ස්ථානය ඇගයීමට කටයුතු කරයි. එක් සන්නාමයක් වෙත මෙම තත්ත්ව ඇගයීම ලබා දුන් පසු අනිකුත් තරගකාරී සන්නාමයන් සියල්ලම එම අංශයෙන් ඉවත් කිරීම සිදුකෙරේ. මාස්ටර් බ්‍රෑන්ඩ් තත්ත්වය සඳහා තෝරාගැනීම් කිරීමේදී එම අංශයේ සියලුම සන්නාමයන් පිළිබඳව ඇගයුම් සමීක්ෂණයක් සිදුකරනු ලබයි. සන්නාම නායකත්වය, සන්නාම වර්ධනය, සන්නාම විකෂනය, දිගුකල් පැවැත්ම, කීර්තිනාමය, පාරිභෝගික හිතෛෂීවන්තභාවය සහ පූර්ණ වෙළෙඳපොළ පිළිගැනුම යන නිර්ණායකයන් එහි දී සලකා බැලේ. නව තත්ත්ව ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් ACL කේබල්ස් කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ‘වෙළෙඳ පොළෙහි අංක එකේ කේබල් සන්නාමය වශයෙන් සම්මානයට පාත්‍ර වන්නට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. මෙම සම්මානනීය ඇගයීම සඳහා අපගේ පාරිභෝගිකයන්, වෙළෙඳ නියෝජිතයන්, බෙදාහරින්නන් ව්‍යාපෘති පාරිභෝගිකයන් වෙතින් ලද සහයෝගය ද සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.’ ‘ACL කේබල්ස් සමාගම වශයෙන් අපි සෑම විටම අපගේ පාරිභෝගික පිරිස තුළ සන්නාමය පිළිබඳ ධනාත්මක ආකල්පයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

අපගේ සන්නාමයෙහි සහ නව නිපැයුම් සංවර්ධනයෙහි මූලික පදනම වන්නේ ගුණාත්මක භාවයයි. යනුවෙන් මදනායක මහතා වැඩි දුරටත් සිය අදහස් දැක්වීම සිදු කළේය.

නව අදහස දක්වන්න