නයින් වෙල්ස් සාඵ­ල්‍යතා මධ්‍ය­ස්ථා­නය 60% ඉක්ම වූ අයි­වී­එෆ් ප්‍රති­කාර සාර්ථ­ක­ත්ව­යක් | දිනමිණ

නයින් වෙල්ස් සාඵ­ල්‍යතා මධ්‍ය­ස්ථා­නය 60% ඉක්ම වූ අයි­වී­එෆ් ප්‍රති­කාර සාර්ථ­ක­ත්ව­යක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික මාතෘ හා ළමා රෝහල වන නයින් වෙල්ස් (Nine Wells) රෝහල මඟින් පවත්වා ගෙන යන නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව අයි.වී.එෆ්. ප්‍රතිකාර සඳහා 40% කට ඉහළ සාර්ථකත්වයක් වාර්තා කර ඇත. එම ප්‍රතිශතය ද අභිභවමින් ජූලි මාසයේ දී 60% ක ඉහළ සාර්ථකත්ව අනුපාතයක් වාර්තා කිරීමට නයින් වෙල්ස් රෝහලේ සාඵ්‍යතා මධ්‍යස්ථානය සමත්ව ඇත.

මේ ඉහළ සාර්ථත්වය පිළිබඳ අදහස් දක්වමින් නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී තරංග වීරසූරිය මහතා පැවසුවේ ‘අයි.වී.එෆ්. ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙරට වාර්තා වී ඇති ඉහළම සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකි වීම අපි ලැබූ විශාල ජයග්‍රහනයක්. අයි.වී.එෆ්. ප්‍රතිකාර පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් අනුපාතය වන්නේ 40% ක්. නයින් වෙල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානය පසුගිය කාලවකවානුවේ සමස්තයක් වශයෙන් 40% ක සාර්ථකත්වයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. නමුත් අපේ කාර්ය මණ්ඩලයේ විශේෂ කැපවීම හා දක්ෂතාවයත්, නවීන තාක්ෂණික ක්‍රමවේදත් නිසා පසුගිය මාස කිහිපය තුළ අපිට ජාත්‍යන්තර සම්මත අනුපාතය අභිභවා ගිය විශාල සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකි වුණා’ යනුවෙනි.

නව අදහස දක්වන්න