සෙනසුරු ග්‍රහයාගේ අවසන් ඡායාරූප කිහිපය නාසා වෙත | දිනමිණ

සෙනසුරු ග්‍රහයාගේ අවසන් ඡායාරූප කිහිපය නාසා වෙත

සේවය අවසන් කිරීමට පෙර කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු ග්‍රහයාගේ අවසන් ඡායාරූප කිහිපය නාසා ආයතනයට යොමු කර ඇත.

කැසිනි යානයේ වසර විස්සක අභ්‍යවකාශ සේවය අදින්(15) අවසන් වේ.

එම යානය අභ්‍යවකාශගත කර තිබුණේ නාසා ආයතනය විසිනි. සේවය අවසන් වීමට පෙර සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප නාසා ආයතනය වෙත අද සවස් කාලය වන විට එවීමට කටයුතු යොදා ඇත.

කැසිනි අභ්‍යවකාශ යානයේ ඉන්ධන අවම වීමත් සමඟ එහි සේවාව අත්හිටුවීමට නාසා ආයතනය තීරණය කරන ලදි.

එම යානය සෙනසුරු ග්‍රහයාගේ ඡායාරූප හාරලක්‍ෂ පනස් තුන්දහසක් නාසා ආයතනයට එවා තිබේ.

නව අදහස දක්වන්න