සයිටම් - නවක සිසුන් බදවා ගැනීම අත්හිටුවයි | දිනමිණ

සයිටම් - නවක සිසුන් බදවා ගැනීම අත්හිටුවයි

සයිටම් ආයතනයට නවක සිසුන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මේ අතර සයිටම් විරෝධී ජන පවුර සංවිධාන කල විරෝධතා රැළිය කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී ආරම්භ වූ අතර පස්වරු 04.00ට පමණ රැළිය ආරම්භ වුණේ දිවයිනේ ප්‍රදේශ 05කින් පැමිණි රථ පෙළපාලි ලිප්ටන් වටරවුම ආසන්නයෙන් අවසන් වීමත් සමගයි. 

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් සහ සිසුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ඉදිරි දින කිහිපය තුළ සයිටම් ගැටලුවට ජනතාවාදී අවසන් විසඳුමක් නොලැබුණහොත් එලඹෙන 21 වනදා සිට ඒකාබද්ධ දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එහිදී පැවසීය.

හොරණ, කළුතර, හලාවත, නිට්ටඹුව හා අවිස්සාවෙල්ල යන නගරවලින් අද (15) උදෑසන ආරම්භ කෙරුණු රථ පෙළපාලි කොළඹ නගරයට ළඟා වීමෙන් පසු විරෝධතා රැළිය පැවැත්විණ.

නව අදහස දක්වන්න