A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ NVQ සහතික ප්‍රදානෝත්සවය | දිනමිණ

A.Y.S. ඥානම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨයේ NVQ සහතික ප්‍රදානෝත්සවය

ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට පුහුණු කාර්මික ශිල්පීන් බිහි කිරීමේ අරමුණින් ස්ථාපිත A.Y.S. ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨයේ 8 වන සහතික ප්‍රදානෝත්සවය පසුගියදා දඹුල්ලේ දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ රෙජිමේන්තු වලට අනුයුක්ත වෘත්තීමය බළකා සෙබළු 126ක් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය හිමි කර ගත්හ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ හිටපු මානව සම්පත් සහ පරිපාලන කළමනාකාර ජනරාල් උදයන්ත විජයරත්න මහතා සහභාගී විය

දඹුල්ලේ පිහිටි A.Y.S.ඥානම් ඉදිකිරීම් විද්‍යාපීඨය, තෘතියික අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි අතර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියg අනුබද්ධ (NAITA)ක්ෂේත්‍රයේ පුහුණු වෘත්තිකයන් සඳහා ලබා දෙන ජාතික වෘත්තීය සුදුසුකම් NVQ සහතිකය පිරිනමන ප්‍රමුඛතම ආයතනයකි.

පෙදරේරු තාක්ෂණ ශිල්පීන්ට තම වෘත්තීය දක්ෂතාවය සහ පළපුරුද්ද අනුව උපාධිය දක්වා ඉහළට ගමන් කිරීමට අවශ්‍ය මූලික පියවර ලෙස ජාතික හා අන්තර්ජාතිකව පිළිගත් NVQ සහතිකයලබාදීම ඉලක්කකර ගනිමින් 2012 දීපිහිටුවන ලද A.Y.S.ඥාන ම් ඉදිකිරීම් පුහුණු විද්‍යාපීඨය, වරකට ශිෂ්‍යයින් 50 දෙනෙකුට සිය ප්‍රයෝගික පුහුණුව සඳහාඅවශ්‍ය සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය සහ උපකරණ, අංග සම්පුර්ණ දේශනා ශාලා, විද්‍යාගාර පහසුකම් මෙන්ම ඔවුනට ආහාරපාන සහ නේවාසිකාගාර සපයා දෙමින් ගෞරවනීය සහ අත්දැකීම් පිරුණු ගුරු මඩුල්ලක් යටතේ ප්‍රයෝගික මෙන්ම තාක්ෂණික දැනුම සපිරි ඉහළ පුහුණුවක් ලබාදෙයි.

නව අදහස දක්වන්න