'දියකාවා' අතරේ සෙබළෙකු කඹයෙන් බිමට වැටෙයි | දිනමිණ

'දියකාවා' අතරේ සෙබළෙකු කඹයෙන් බිමට වැටෙයි

මත්තල ගුවන් තොටුපලේ පැවති 'දියකාවා' පුහුණු ක්‍රියාන්විතයේදී පුහුණුවීම්වල නිරතව සිටි හමුදා ලාන්ස්කෝප්‍රල් වරයෙකු කඹයක් ආධාරයෙන් මහල් ගොඩනැගිල්ලක සිට පහලට බසින අතරතුර අනතුරකට ලක්විය.

ඉන් ඔහුගේ දකුණු පාදයේ ඇතිවූ ආබාදිත තත්වයක් හේතුවෙන් හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පවසා සිටියේ රෝගියාගේ තත්ත්වය බරපතල නොවන බවයි.  

මෙවර දියකාවා 2017 සඳහා දෙසහසකට අධික යුධ හමුදා භටපිරිසක් සහභාගි වී සිටියි.

ඒ සදහා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු, විශේෂ බලකා සහ යාන්ත්‍රික පාබල භටපිරිස් සහභාගී වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් 370 වක භට පිරිසක් මෙන්ම 197 ක ගුවන් හමුදා භට පිරිසක් ද මෙයට ඇතුලත්.

නව අදහස දක්වන්න