ඓතිහාසික රූමස්සල ගිනි තියන්න සූදානම් නූතන හනුමන්තලා | දිනමිණ

ඓතිහාසික රූමස්සල ගිනි තියන්න සූදානම් නූතන හනුමන්තලා

නන්දසිරි වැලිගමගේ

සෙමින් සෙමින් වර්ධනය වෙමින් එන එසේ මෙසේ නොවන මහා කුණු කන්දක් ගාල්ලෙන් නිර්මාණය වේ. ඒ දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් වන ඓතිහාසික රූමස්වල අභය භුමියේ හොර රහසේ ගොඩ ගස්සන මහා කුණු කන්දය. මේ ස්ථානය වනජීවියට අයත් අභයභූමියකි.

රූමස්වල වරාය අධිකාරියට අයත් වෙරලාසන්නයේ ඇති සුදුවැල්ල සංචාරක තෝතැන්නකි. දිනපතා එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගණන වාහනවලින් කියන්නේ නම් 100ක් පමණ වේ.

මෙතන නීතිවිරෝධී ලෙස අරක්ගෙන බලහත්කාරයෙන් මාෆියාවක් බදුව පවත්වාගෙන යන අවනහලකි. ඒ ස්ථානයේ රූමස්වල පරිසරය රැක ගනිමුයි කියා බෝඩ් ලෑලිද ගසා ගෙන ඇත. ඒ නිසා බලන්නකුට පෙනි යන්නේ පරිසර හිතකාමී තැනක් ලෙසය. නමුත් හෙමිහිට කැලෑවට රිංගා බැලූවිට මෙතනට එන මේ මහ පිරිස් ගෙනඑන කසළ බුරුතුවලට මේ පිරිස් කුමක් කරන්නේද යන්න ගැනය හොඳින් පැහැදිලි වේ. ඒ මේ මහා කුණු කන්ද දැකීමෙනි. මේ වනවිටත් මේ ස්ථානයේ මෙවන් කුනු කන්දවල් දෙකක් නිර්මාණය වී ඇත.

ඉන් මෙහා කෑල්ලද සුදුවැල්ල මෙන්ම වු සංචාරකය පාරාදීසියකි. එතනට කියන්න් පුංචිවැල්ල කියාය. එතනටද දිනපතා එන මහ පිරිස් එකතු කරන තවත් කුණු කන්දකි. මේ කුණු කඳු පුංචි සිගරැට් කොටයකින් හෝ ගිණි කූරකින් හෝ මහා ගිනි ජාලාවක් ඇති වන අයුරින්ම නිර්මාණය වී තිබේ.

මේ අවාසනාවන්ත තත්ත්වයට මේ කසළ කන්ද පත් වුවහොත් සිදුවන්නේ උඩින් ගොස්වත් නිවාලිය නොහැකි අන්දමින් ලොකු ජෛව පද්ධතියකට අයත්වන මේ රූමස්වල කන්දම දැවි දාච්ච හේනක් බවට පත්වේ.

රාම රාවනා යුගයේ කතා පොත්වල එනම් රාමායනයේ කියවෙන හනුමන්තා සිය වල්ගයේ ගිනි සිළුවක් ගැටගසාගෙන කළ හදිය සිහිපත්වන්නේ මෙයට මදක් මෙහායින් ඒ හනුමන්තාගේ පිළිරුවත් අර සාම ඓත්‍යයත් දුටුවිටය. එදා ඒ හනුමන්තා කලා යයි ලියවුන සංසිද්ධිය අනුව යමින් මේ ස්ථානයට අරක් ගෙන සිටින නුතන හනුමන්තලාටද මේ ටික කරන්නට බැරිකමක් නැත. මේ නිසා වනජීවියේ, වරාය අධිකාරියේ මෙන්ම පරිසර අධිකාරියේ මහත්වරුන්ට මේ අත ළඟම සිදුවන්නට එන මහා පාරිසරික ඓතිහාසික මහා විනාශය වළක්වාලීමට වහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටි.

නව අදහස දක්වන්න