සංඝයා වහන්සේලාට දානය බෙදීමෙන් ‍නොසන්සුන්තාවක් | දිනමිණ

සංඝයා වහන්සේලාට දානය බෙදීමෙන් ‍නොසන්සුන්තාවක්

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ

පසුගිය ජනාධිපතිවරණ සමයේ මූල්‍ය වංචා නඩුවේ වරදට සිරගතව සිටිනා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ දඩ මුදල් ගෙවාදැමීම සඳහා කැලණියේ මහා සංඝරත්නය විසින් සංවිධානයකොට තිබූ පිණ්ඩපාත චාරිකාවකට යම්කිසි පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී පාත්‍රවලට ආහාර දැමීමක් හේතුවෙන් නොසංසුන්තාවයක් ඇතිවිය.

කිරිබත්ගොඩ නගරය පුරා සිදුවූ මෙම පිණ්ඩපාත චාරිකාවට එක්වීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර හා නීතිඥ සිසිර ජයකොඩි යන මහත්වරුනට විරුද්ධව මහර අධිකරණය විසින් පිඬුසිඟා වැඩීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය හේතුවෙන් වාරණ නියෝගයක් ද පනවා තිබිණ.

පොලිසිය විසින් එම වාරණ නියෝගය මන්ත්‍රීවරුනට ලබාදුන් අතර, අනතුරුව පිණ්ඩපාත චාරිකාව කිරිබත්ගොඩ නගරයෙන් ආරම්භ විය.

මේ සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගොමුවේ වජිර හිමියන් සහ කොටපොළ මංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

මෙහිදී මුදල් පාත්‍රවලට බනිස්, බිත්තරපාන්, රෝල්ස් ඇතුළු විවිධ ආහාර වර්ග දැමූවන් හා පිණ්ඩපාත චාරිකාවට එක්වූ එහි සංවිධායකයන් අතර ඇතිවීමට ගිය නොසන්සුන්තාවය පොලිසිය විසින් මැඬපවත්වන ලදී. 

නව අදහස දක්වන්න