ලලිත් – අනූෂ ඇප මත නිදහස් | දිනමිණ

ලලිත් – අනූෂ ඇප මත නිදහස්

සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර  තිබේ.

අදාළ නඩුව අද(20) කැඳවූ අවස්ථාවේ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට මහාධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍ර  අධිකරණයට බාරදෙන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

නව අදහස දක්වන්න