මදාරා මුදලිගේ
ශ්‍රී ලංකාවේ හා කලාපීය සංචාරක කර්මාන්තයේ වර්ධනයට ප්‍රමුඛත්වය දෙමින්, කර්මාන්ත ක්ෂේත්රයේ වෘත්තිකයින් දිරි ගැන්වීම සඳහා සිනමන් හෝටල් සහ රිසෝර්ට්ස් විසින් සංවිධානය කරන ලද "The Cinnamon Future of Tourism Summit "ලෝක සංචාරක දින සැමරුම සැත්තැම්බර් 26 වන දින කොළඹ සිනමන් හෝටල් සහ රිසෝට්හි දී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මේ සඳහා ලෝකයේ රටවල් කිහිපයක සංචාරක ක්ෂේත්රය පිළිබඳ විශේෂඥයින් 15 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් ද සහභාගී වීමට නියමිත ය.
මෙහි දී "තාක්ෂණය, නවෝත්පාදනය සහ අනන්‍යතාව " යන තේමාවෙන් යුක්තව කථිකයන් තම දේශනයන් පවත්වනු ඇත. සැසිවාරයන් ගණනාවක් මඟින් ඉදිරිපත් කරනු ලැබේ. සංචාරක ක්ෂේත්රයට සමගාමීව පුළුල් විෂය ක්ෂේත්‍ර පිළිබඳව ගවේෂණය හා නවීන ප්රවණතා ගෝලීය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.
නව අදහස දක්වන්න