බණ්ඩාරවෙල, අබදණ්ඩේගම හරහා ගලා බසින කිරිඳිඔයේ අතු ගංගාවක් වන අබදණ්ඩේගම ඔයෙහි ජලය පෙරේදා රාත්‍රියේ සිට ගලහිටියාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම පොළොවට කිඳාබසින බව වාර්තාවේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ, රාවණා ඇල්ල දිය ඇල්ල මෙම ජලයෙන් පෝෂණය වන බැවින් මෙය ද සම්පූර්ණයෙන් සිඳී යෑමේ අවදානමකට ද මුහුණපා ඇති බවයි.
උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගය මෙම ගම්මානයට ආසන්නයෙන් ගමන් ගන්නා බැවින් ගංගාවේ ජලය පොළොවට කිඳාබැසීම සිදුවෙමින් පවතින බවට සැක කෙරේ.
මීට වසර දෙකහමාරකට පමණ පෙර මෙම ස්ථානයට මීටර් 100ක් දුරින් නිවසක් සහිත භූමි ප්‍රදේශයක් අඩි 25ක් පමණ ගැඹුරකට පොළොව යටට ගිලා බැස තිබිණි.
මෙම සිදුවීම නිසා ප්‍රදේශවාසීහු දැඩි භීතියට පත්ව සිටිති.
අදහස් 1ක් ඇත
wimarsanayak nathi wiyapruthi,
නව අදහස දක්වන්න