බාලවයස්කාර දැරිය අපහරණයට සැක තරුණයා අල්ලයි | දිනමිණ

බාලවයස්කාර දැරිය අපහරණයට සැක තරුණයා අල්ලයි

පසුගිය ජූලි මාසයේදී බාලවයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණය සිදුකර ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටි වයස අවුරුදු 20ක තරුණයෙකු පසුගිය 14 වැනි දින බියගම ප්‍රදේශයදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
සැකකාර තරුණයාගේ දුරකථන පණිවිඩ උපයෝගී කරගෙන සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වූ තොරතුරු අනුව ඔහු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
 
අනතුරුව මෙම සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල ඉලංගසිංහ මහතා වෙත පසුගිය 16 වැනි දින ඉදිරිපත් කෙරිණි. එහිදි ඔහු රුපියල් 7500/- ක මුදල් හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදි.
 
යළි පැමිණිල්ල කැඳවීම 2017.11.07 දිනට නියම කෙරිණි. දූෂණයට ලක්වූ 15 හැවිරිදි දැරිය ළමා නිවාසයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
(ගලේවෙල මධ්‍යම සමූහ - පී.ජී.ගුණතිලක)

නව අදහස දක්වන්න

Or log in with...