ඩේසී ආච්චිට අධිකරණ නියෝගයක් | දිනමිණ

ඩේසී ආච්චිට අධිකරණ නියෝගයක්

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස් වෙත අද (22දා) නියෝග කර තිබේ.

ඒ, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසිනි.

රුපියල් මිලියන 50ක් පමණ වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවසක් සහිත ඉඩමක් යෝෂිත රාජපක්ෂ විසින් ඩේසි ෆොරස්ගේ නමට මිලට ගෙන ඇති බවට හා ඒ සඳහා මුදල් ලැබුනේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වේ.

 

අදහස් 1ක් ඇත

Why are they dragging this old woman around like a sack of coals. SL should be ashamed of themselves to display their lack of sympathy in this way. If there was a problem it should have been solved with speed rather than make such a song and dance just because the poor old lady is related to the Rajapaksa family. SL is a real sink hole by the look of things. Disgusting.

නව අදහස දක්වන්න