චෝදනා ගැන ප්‍රමෝද්‍යගෙන් උත්තරයක් | දිනමිණ

චෝදනා ගැන ප්‍රමෝද්‍යගෙන් උත්තරයක්

ක්‍රීඩාවේ යහපත සම්බන්ධයෙන් තමාට ඇති වූ හැඟීම ප්‍රකාශ කළා මිස කිසිවෙකුගේ සිත් රිදීමක් සිදුකිරිමට බලාපොරොත්තු නොවු බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් තමා කණගාටුව ප්‍රකාශ කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් 40 දෙනෙකු ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ විධායක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.

හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරන ලද චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇති බවට ද වාර්තා පළ වෙයි.

රූපවාහිනී සංවාදයකදී ප්‍රමෝද්‍ය, ඉන්දීය තරගාවලියේදී අස්වාභාවික ලෙස තරග පරාජය වූ බව මෙන්ම ඇතැම් තීරණ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවට  චෝදනා කර තිබුණි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත්කල නිවේදනය පහතින් දැක්වේ......

නව අදහස දක්වන්න