සයිටම් වර්ජනයට සහාය දුන්නේ ගලේවෙල එක පාසලයි | දිනමිණ

සයිටම් වර්ජනයට සහාය දුන්නේ ගලේවෙල එක පාසලයි

ගලේවෙල මධ්‍යම සමූහ පී.ජී. ගුණතිලක

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් පසුගියදා ක්‍රියාත්මක කරනු ලැබූ වර්ජනයට සහාය දැක්වීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමීති කිහිපයක් කැඳවූ වර්ජනයට ගලේවෙල අධ්‍යාපන කලාපයේ පිහිටි පාසල් 109 අතුරින් සහභාගී වී ඇත්තේ එක් පාසලක ගුරුවරු පමණක් බව වාර්තාවේ. එ් අනුව එක් පාසලක් හැර ජාතික පාසල් ඇතුළු අනික් පාසල් 108 හිම ගුරුවරු සාමාන්‍ය පරිදි එදින සේවයට වාර්තා කර ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

වර්ජනයට සහාය දැක්වූ ගලේවෙල මැදි විදුහලේ ගුරුවරු 73න් 16 දෙනෙක්ම සේවයට වාර්තා කර තිබූ බව ඇය පැවසුවාය. කෙසේ වෙතත් ගලේවෙල ප්‍රාදේශීය රෝහල ඇතුළු ප්‍රදේශයේ රෝහල් කිහිපයක වෛද්‍යවරු සේවයට වාර්තා නොකිරීම නිසා සෙෳඛ්‍ය සේවා කටයුතු අඩාළ වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

නව අදහස දක්වන්න