කරවිල කොටුවේ කංසා පැළයක් | දිනමිණ

කරවිල කොටුවේ කංසා පැළයක්

දෙල්ගොඩ සමූහ -සුදත් පුබුදු කීර්ති

අඩි 15ක් උස කංසා ගසක් ගෙවත්තේ වවා තිබූ රජයේ සේවකයකු වැලිවේරිය පොලිසිය විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇත.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ගෙවත්තක කරවිල කොටුවක මේ ගංජා ගස සරුවට වවා නඩත්තු කර තිබූ බව ‍පොලිසිය කියයි.

වවා තිබූ කංසා ගස සමඟ අත්අඩංගුවට පත් සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. අතපත්තු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. පී. එල්. එස්. පතිරණ, පො. සැ. 4467 පත්මසිරි, කා. පො. කො. 2839 තිළිණි මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. 

අදහස් 2ක් ඇත

රටේ මංකොල්ලකෑම්,මිනීමැරුම් අල්ලන්න ඕකුන්ට බෑ. එව්වා වහනවා..මහ ලොකු වැඩක් කරා වගේ ගංජා පැලයක් අල්ලන් පොටෝ දානවා...ගංජා හේනක් ඇල්ලුවා වගේ..සක්කිලි හැත්ත..

osu uyane , mage piyage, ekama kansa palayak wawala mage piya thun masayakata hire hitiyaya, namuth mage piyata ohuge wayiddya wurthiyata yam pramanayaka , kansa pramanayak pawichhi kirime nidahasa, nithiyen inpasu labunaya, eya wayiddya warayekuta thiyena ayithiyayi, namuth prawesamen!

නව අදහස දක්වන්න