හදවතක් බද්ධ කිරීමෙන් පමණක් ජීවිතය බේරා ගැනීමට හැකි තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින තම දියණියට බද්ධ කිරීම සඳහා හදවතක් ලැබී තිබියදීත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු සැත්කමට සහභාගී නොවී මඟ හැරීමෙන් තම දියණියගේ ජීවිතය දැඩි අවදානමකට ලක්ව තිබෙන බව දක්වමින් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පියා වන මහේෂ් කුමාර සෞඛ්‍යය ඇමැතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ලිපියේ පිටපත් සෞඛ්‍යය අධ්යක්ෂ ජනරාල් හා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටද යොමු කළ බව ඒ මහතා කීය. නිර්වින්දන වෛද්‍යවරුන් තිදෙනා ශල්‍යය කර්මය මඟ හැරීම නිසා තම දියණියගේ ජීවිතය බේරා ගැනීම සඳහා කළ යුතුවම තිබූ ශල්‍ය කර්මය සිදු කරන්නට නොහැකිවූ බවත් මේ හේතුවෙන් දියණියගේ ජීවිතයට අනතුරක් සිදුවුව හොත් ඊට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනා වගකිය යුතු බවත් දක්වා දැරියගේ පියා අලුත්ගම පොලීසියටද ඊයේ (22) පැමිණිල්ලක් කැර තිබේ.
මෙම ශල්‍යකර්මය රෝහලේ පවතින උපකරණ වල පවතින අඩුපාඩු හේතුවෙන් නොකළ බවට ඒත්තු ගැන්වීමට රෝහල් බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර මාධ්‍යයට මේ සම්බන්ධ කිසිදු තොරතුරක් ලබා නොදීමටද ඔවුන් වගබලා ගෙන ඇත.
රෝහලේ ඇති උපකරණ වල අඩුපාඩුවක් ඇත්නම් පොළොන්නරුවේ සිට මහනුවරට ගිලන් රථයකින් රැගෙන ආ මොළය මියගිය පුද්ගලයාගේ හදවත ශල්‍යකර්මයකින් ඉවත් කර යන්ත්‍රයකට සම්බන්ධ කිරීම දක්වා කටයුතු සිද්ධ කළේ ඇයිද යන්න දරුවාගේ පියා ප්‍රශ්න කරයි.
පරීක්ෂණ පවත්වා දැඩි දඬුවම් දෙනවා
මන්ත්‍රී ආශුගේ ඉල්ලීමට ඇමැති රාජිත වහා ක්‍රියාත්මක වෙයි
සොයාගත් හදවත මරාගත් මහනුවර දොස්තරලා ' යන මැයෙන් දිනමිණ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ සඳහන් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා දැඩි දඬුවම් ලබාදෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.
ජිවිතයක වටිනාකම වෛද්‍යවරුන්ට අවබෝධ විය යුතු අතර වෛද්‍යවරයා සතුව මනුෂ්‍යත්වයද තිබිය යුතු බවත් ඇමතිවරයා පැවසීය.
මෙවන් සිදුවීම් නැවත සිදු නොවීමට නම් එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදීම සිදුවිය යුතු බවත් ඇමතිවරයා පැවසීය.
‘සොයාගත් හඳවත මරාගත් මහනුවර දොස්තරලා ' යන මැයෙන් දිනමිණ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ සඳහන් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන ලෙස පත්කළ මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා ඒ බව සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ආශු මාරසිංහ මහතා මෙම ඉල්ලීම සිදුකළේය.
මෙම ප්‍රවෘත්තිය දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ හා තුන්වන පිටුවේ පළ විය.
පොළොන්නරුව ප්‍රදේශයේ තරුණයකුගෙන් ලබාගත් හදවතක් සියයට දහයක් පමණ හදවත ක්‍රියාකාරීත්වය ඇති තරුණියකගේ සිරුරට බද්ධ කිරීම ට සියලු කටයුතු සම්පාදනය කර තිබියදී වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් එම හදවත බද්ධ කිරීමේ අවස්ථාව අහිමිවීම පිළිබඳව මෙම පුවත මඟින් හෙළිකර තිබිණ.
ආශු මාරසිංහ මහතා දිනමිණ පුවත උපුටා දක්වමින් මෙම ඉල්ලීම ඇමතිවරයාගෙන් සිදු කළේය.
ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, සන්ධ්‍යා කරුණාරත්න
අදහස් 3ක් ඇත
Unacceptable
සාවද්‍ය පුවත් වාර්තාකරනය.
Lejja wiya yuthuyi.
නව අදහස දක්වන්න