මේරීලෑන්ඩ් ආණ්ඩුකාර තරග බිමට ලාංකිය කතක් | දිනමිණ

මේරීලෑන්ඩ් ආණ්ඩුකාර තරග බිමට ලාංකිය කතක්

අමෙරිකා එක්සත් ජනපදයේ මේරීලෑන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය සඳහා ශ්‍රී ලාංකික තරුණියක් ඉදිරිපත්ව සිටියි.

නමින්  ක්‍රිෂාන්ති විග්නරාජා වන ඇය හිටපු ජනපති බිරිඳ මිචෙල් ඔබාමාගේ ප්‍රතිපත්ති සම්පාදකවරියක් ලෙස කටයුතු කළේය.

යේල් හා ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලවල උපාධිධාරිනියක වන ක්‍රිෂාන්ති විග්නරාජා මෙවර මේරිලෑන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර ධූරයට තරග වදින එක ම කාන්තාව වේ.

ගුරුවර යුවළක් වන සිය දෙමාපියන් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිසා අමෙරිකාවට පැමිණෙන විට තමන්ගේ වයස මාස නවයක් බව 37 හැවිරිදි ක්‍රිශාන්ති පවසන්නී ය.

පසුගියදා සිය නිවස ඉදිරිපිට මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ ක්‍රිෂාන්ති විග්නරාජා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් මෙවර ආණ්ඩුකාර ධූරය සඳහා තරග වදින්නී ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...