ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන වාර්තා චිත්‍රපට පෙළක් | දිනමිණ

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන වාර්තා චිත්‍රපට පෙළක්

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා වාර්තා චිත්‍රපට පෙළක් නිෂ්පාදනය කර විකාශය කිරීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවත් පසුගිය සිකුරාදා (22) අත්සන් තැබුවේය.

මාධ්‍ය නිදහස, ජීවත්වීමේ අයිතිය, මානුෂීය අතුරුදන්වීම්, තොරතුරු දැනගැනීමේ පනත වැනි තෝරාගත් ක්ෂේත්‍ර 10ක සත්‍ය කතා පිළිබිඹු වන අයුරින් මෙම වාර්ති චිත්‍රපට ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස නිෂ්පාදනය කිරීම සඳහා මෙහිදී ගිවිසුමකට එළඹිණි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේදී අත්සන් තබන ලද මෙම ගිවිසුමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාත්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙනුවෙන් එහි සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතාත් අත්සන් තැබූහ. ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ ජගත් ලියනාරච්චි, ශාන් විජේතුංග, තරිඳු ජයවර්ධන, බ්‍රි‍ටෝ ප්‍රනාන්දු, කසුන් පුස්සවෙල සහ අනෝමා රාජකරුණා යන මහත්මමහත්මීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක සහාය ද මෙම ව්‍යාපෘතියට ලැබෙනු ඇත.

 

නව අදහස දක්වන්න