රියැදුරු බලපත් දීමේදී මානසික යෝග්‍යතාවත් බලයි | දිනමිණ

රියැදුරු බලපත් දීමේදී මානසික යෝග්‍යතාවත් බලයි

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි

දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහකිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

මේ පිළිබදව කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පතටද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම්කරුවකු මානසික රෝග වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය යන වගන්තියක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ. 

අදහස් 1ක් ඇත

රියැදුරු බලපත් දීමේදී විතරක්මා නෙමෙයි. පෙරපාසැල්න ඩිප්සිලෝමා දිමේදි, හෙද වෘර්කතියට ඇතුළත් කරගැනිමේදිත් මානසික යෝග්‍යතාවත් බැලිය යුතුයි. මන්ද සමහර හෙදියන් ඉන්නවා මානසික රෝග තියෙන. රෝගින්ට සළකන්න දන්නේ නැහැ. යක්ෂනියන් වගේ ඇඟට කඩා පනිනවා. සමහර පෙර පාසැල් ගුරුවරියන් සිටිනවා විවිධ මානාසික රෝග තියෙන. පොඩ් දරුවන්ව බොඩ් කාලේ පටන්ම විනාස කරනවා. කවුරුත් මේනා හොයන්නේ නැහැ

නව අදහස දක්වන්න