ශ්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු ගිවිසුමක් | දිනමිණ

ශ්‍රී ලංකාව හා ඉරානය අතර සිරකරුවන් හුවමාරු ගිවිසුමක්

ඉරානයේ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකීය සිරකරුවන් හා ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිටින ඉරාන සිරකරුවන් හුවමාරු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ.

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani මහතා අතර හමුවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදි පැවැත්විණි.

ඒ අනුව මෙලෙස සිරකුරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ ගිවිසුමක් ඉරානයේ හා ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමතිවරුන් අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතව තිබේ.

සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම වැඩසටහන යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර  අදාළ රට තුළදී එම සිරකරුවා ලැබු දඩුවම ඒ ආකාරයෙන්ම තම රට තුළ බන්ධනාගාරවලදි විදිමට සිදු වේ.

අදාළ ගිවිසුම පිළිබඳව මුලික සාකච්ඡා සිදු වු අතර මෙම සිරකරුවන් හුවමාරුව 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඉරානය හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන සංස්කෘතික සබඳතා අතීතයේ සිට පැවත එන්නක් බවත් එය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා විය.

නව අධිකරණ අමාත්‍ය ධුරයට පත් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට ඉරාන රජයේ සුබ පැතුම් එක් කරන බව ද මෙහිදී තානාපතිවරයා සදහන් කළේය.

නව අදහස දක්වන්න