ගෑස් මිල ඉහල දැමීමට අමාත්‍යංශ අනුමැතිය - UPDATE | දිනමිණ

ගෑස් මිල ඉහල දැමීමට අමාත්‍යංශ අනුමැතිය - UPDATE

කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ඉහළ දැමීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.

එහි ලේකම් චින්තක ලොකු හෙට්ටි මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා ගෑස් සමාගම් වෙත පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ඇතුළත් ලිපි යොමු කළ බව ය.

ඒ, අනුව ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනු ඇති.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට - UPDATE  

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල  110 කින් ඉහළ යනු ඇත.

නව අදහස දක්වන්න