බෝම්බ තබාගත් රණවිරුවා නිදහස් | දිනමිණ

බෝම්බ තබාගත් රණවිරුවා නිදහස්

ආරියපාල වංශතිලක කුරුණෑගල මධ්‍යම විශේෂ

පීඩාකාරී අත්බෝම්බ දෙකක් සන්තකයේ තබාගත්තා යැයි චෝදනා ලැබ සිටි හමුදා රණවිරුවෙක් කුලියාපිටිය මහාධිකරණ විනිසුරු එම්.සී.බී. මොරායස් මහතා විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ නඩුකරය කෙරෙහි සැකයක් මතුවීම හා පැමිණිලි පාර්ශ්වය විසින් නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකිවීමේ හේතුවෙන් විත්තිකරු නිදහස් කරන ලදී.

වර්ෂ 2011 නොවැම්බර් මස 28 දින හෝ ඊට ආසන්න දිනයකදී පීඩාකාරී අත්බෝම්බ දෙකක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නාරම්මල මැටියගනේ සමරසේකර ඔකදපොල මුදියන්සේලාගේ පීරිස් අප්පුහාමි යන අයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 1966 අංක 18 දරන පීඩාකාරී ආයුධ පනතේ 21 වන වගන්තිය යටතේ නාරම්මල පොලිසිය විසින් එම නඩුව ගොනු කර තිබුණි. 

නව අදහස දක්වන්න