පනත් 03ක් මැතිසභයට ඉදිරිපත් කෙරේ - UPDATE | දිනමිණ

පනත් 03ක් මැතිසභයට ඉදිරිපත් කෙරේ - UPDATE

මහ නගරසභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා (252 වන  අධිකාරය වූ ) වන  පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන )— (255 වන  අධිකාරිය වූ )නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ  පනත් කෙයුම්පත,  ප්‍රාදේශීය සභා  (සංශෝධන ) 1987 අංක 15 දරන  ප්‍රාදේශීය  සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පනත් කෙටුම්පත් සභාවට ඉදිරිපත් කළේ ය.

අද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවයි - UPDATE

අද (26)  විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇති අතර පස්වරු 01.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක්  අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්යත ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් 03 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
 

නව අදහස දක්වන්න